පකිස්ථාන සහ ඇෆ්ගන් හමුදා අතර හදිසි ඇමතුම් සේවාවක්

පකිස්ථාන සහ ඇෆ්ගන් හමුදා අතර හදිසි ඇමතුම් සේවාවක්

පකිස්ථාන සහ ඇෆ්ගන් හමුදා අතර හදිසි ඇමතුම් සේවාවක්

කර්තෘ Sagarika Chathumali

31 Dec, 2015 | 11:37 am

පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය දෙරටේ යුදහමුදා අණදෙන නිලධාරීන් අතර හදිසි ඇමතුම් සේවාවක් පිහිටුවා තිබේ.

දෙරටේ දේශසීමා අතර නොසන්සුන්තා අවම කර ගැනීම මෙහි අරමුණ වේ.

පකිස්ථාන හමුදාපති රහීල් ශරීෆ් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සංචාරයක නිරත වූ අවස්ථාවේ මෙම එකඟතාවට එළැඹිණ.

යළි ශීඝ්‍රයෙන් හිස ඔසවන තලේබාන් ත්‍රස්ත්‍රවාදීන්ගෙන් එල්ල වන අවදානම තුරන් කිරීමට පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථාන දෙරට අතර සහයෝගීතාව වර්ධනය කළ යුතු බව දෙරටේ බලධාරීහු පවසති.

තලේබාන් ත්‍රස්තවාදීන්ගේ නැගී සිටීමට පකිස්ථානයේ දිවි‍ගෙවන සටන්කාමී කණ්ඩායම් වගකිව යුතු බව ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෆ්රෆ් ගානි මීට පෙර ප්‍රකාශ කළේ ය.

ඇෆ්ගනිස්ථාන ‍චෝදනා කරන්නේ, පකිස්ථානයේ සිටින ඇෆ්ගන් තලේබාන් ජ්‍යෙෂ්ඨ නායකයින්ට නිදහසේ හැසිරීමට පකිස්ථානය ඉඩ දෙන බව ය.