තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකාවට අතිවිශිෂ්‍ට ජයග්‍රහණයක්

තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකාවට අතිවිශිෂ්‍ට ජයග්‍රහණයක්

තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකාවට අතිවිශිෂ්‍ට ජයග්‍රහණයක්

කර්තෘ Staff writer

31 Dec, 2015 | 11:56 am

නවසීලන්තයට එරෙහිව පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 277 ක ජයග්‍රාහී ඉලක්කය පසු කළේ, පන්දුවාර 46යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී සිටියදී ය.

ඒ අනුව, තරග පහකින් සමන්විත තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

නවසීලන්තයේ නෙල්සන්හී සැක්ස්ටන් ඔවල් පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන්නේ නවසීලන්තය යි.

ආබාධයකට ලක්ව සිටින නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් වෙනුවට අද කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිවුනේ කේන් විලියම්සන්ට ය.

නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස මාටින් ගප්ටිල් ලකුණු 30 කට දැවී ගියේ ය.

ටොම් ලැතම් ලකුණු 42 ක් රැස් කළ අතර රොස් ටේලර්ට ලකුණු රැස් කිරීමට නොහැකි විය.

හෙන්රි නිකලස් ලකුණු 30 කට දැවී ගියේ ය.

22 වන එක්දින අර්ධ ශතකය වාර්තා කළ නායක කේන් විලියම්සන් ලකුණු 59 කට දැවී ගිය අතර මිචෙල් සැන්ට්නර් ලකුණු 28 ක් රැස් කිරීමට හැකි විය.

ඩග් බෙස්වෙල් ලකුණු 30 ක් හා ටිම් සවුති ලකුණු 18 ක් රැස් කළේ ය.

ඒ අනුව, නවසීලන්තය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 276 කි.

පිළිතුරු ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලට ධනුශ්ක ගුණතිලක හා ටී. එම්. ඩිල්ශාන් අතර ලකුණු 98 ක සබඳතාවක් ගොඩ නැගූහ.

මංගල එක්දින අර්ධ ශතකය පන්දු 28 කින් වාර්තා කළ ධනුෂ්ක ගුණතිලක රැස්කළ ලකුණු සංඛ්‍යාවර 65 කි.

ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් ඇතුළත් විය.

47 වන එක්දින අර්ධ ශතකය වාර්තා කළ ටී. එම්. ඩිල්ශාන් අවසානාවන්ත ලෙස දැවී ගියේ ලකුණු 91 ක් ලබා සිටියදී ය.

ඔහු ලහිරු තිරිමාන්න හා එක්ව දෙවන කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 111 කි.

තිරිමාන්න අද එක්දින දිවියේ 16 වන අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 87 ක් රැස් කළේ ය.

තිරිමාන්න හා දිනේශ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ තුන්වන කඩුල්ලට ලකුණු 68 ක නොබිඳුන සබඳතාවක් ගොඩනගමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් පමණක් දැවී පන්දුවාර 46 යි පන්දු 2 කදී නියමිත ඉලක්කය පසු කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]