Update:- වරකාපොල රිය අනතුරෙන් මියගිය ගණන 5 දක්වා ඉහළට (VIDEO)

Update:- වරකාපොල රිය අනතුරෙන් මියගිය ගණන 5 දක්වා ඉහළට (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

30 Dec, 2015 | 6:13 am

වරකාපොල, දුම්මලදෙනිය හංදිය ආසන්නයේදී අද අලුයම සිදුවූ රිය අනතුරෙන් මියගිය ගණන 5 දක්වා ඉහළ ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ අනතුරෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා වරකාපොල හා කෑගල්ල රෝහල් වෙත ඇතුළත් කර ඇති බව ය.

පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අද අලුයම 4.30 ට පමණ අනතුර සිදුවිය.

අනතුරෙන් මියගිය පිරිස අතර කාන්තාවන් තුන්දෙනෙක්, වෑන් රථයේ රියැදුරු හා කූඩා දරුවකු ද වේ.

එම වෑන් රථය සමන්තුරේ සිට පැමිණ ඇති අතර පෞද්ගලික බස් රථයේ සිට ඇත්තේ පොල්ගස්ඔවිට ප්‍රදේශයේ සිට සෝමාවතී වන්දනාවේ යන පිරිසකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]