ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු වලින් අපරාධකරුවන් හඳුනා ගැනීමේ ක්‍රමයක් (VIDEO)

ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු වලින් අපරාධකරුවන් හඳුනා ගැනීමේ ක්‍රමයක් (VIDEO)

කර්තෘ Staff writer

29 Dec, 2015 | 8:14 pm

අපරාධකරුවන් පිළිබඳව ඇඟිලි සලකුණු වාර්තා ඕනෑම පොලිස් කොට්ඨාසයකින් විනාඩි කිහිපයක් තුළ ලබාගත හැකි ක්‍රමයක් අද හඳුන්වා දුන්නේ ය.

ඇඟිලි සලකුණු දත්ත ඇතුළත් කර සියලු පොලිස් කොට්ඨාස පරිගණක ජාලගත කිරීමෙන් මෙම පහසුකම සලසා තිබේ.

මෙම ස්වයංක්‍රීය ඇඟිලි සටහන් හඳුනා ගැනීමේ ක්‍රමය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක මෘදුකාංග සංවර්ධන ඒකකය හා පොලිස් ඇඟිලි සලකුණු විශේෂඥයින්ගේ නිර්මාණයකි.

ආරම්භයේ මෙය පොලිස් කොට්ඨාස 42 ආවරණය කරන අතර අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව, වංචා විමර්ශන අංශය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා ත්‍රස්ත විමර්ශන අංශය ආවරණය වන පිරිදි සකස්කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]