ඩොලරය හමුවේ රුපියලේ අගය තවදුරටත් පහළට

ඩොලරය හමුවේ රුපියලේ අගය තවදුරටත් පහළට

ඩොලරය හමුවේ රුපියලේ අගය තවදුරටත් පහළට

කර්තෘ Staff writer

29 Dec, 2015 | 10:35 pm

අමෙරිකානු ඩොලරය හමුවේ රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ යමින් තිබේ.

මූල්‍ය වෙළදපොළ තොරතුරු අනාවරණ කළේ, අද ගනුදෙනුවලදී අමෙරිකානු ඩොලර් එකක් රුපියල් 144 කට ආසන්න අගයක් දක්වා ඉහළ ගිය බව ය.

මේ වසරේ ගතවූ කාලය තුළ රුපියලේ අගය 8.9% කින් අවප්‍රමාණය වී තිබේ.

පසුගිය සැප්තැම්බර් මස 04 වන දා සිට මහ බැංකුව ඩොලරයේ අගය තීරණය කිරීම සඳහා මැදිහත් නොවීමට තීරණය කර තිබේ.

එදින සිට අද දක්වා කාලය තුළ පමණක් ඩොලරය 6.4% කින් අවප්‍රමාණය වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකුවන ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා පෙන්වා දෙන්නේ, රුපියල මුහුණුදී ඇති තත්ත්වය දීර්ඝ කාලීන වැරදි ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිපලයක් බව ය.

මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති‍ විජේවර්ධන මහතා අනතුරු ඇඟවී ය.‍‍