ස්ප්ලෑෂ් වෙළඳ ප්‍රදර්ශනයේ නිව්ස්ෆස්ට් තිර පරීක්ෂණ ජයග්‍රහණය හර්ෂණි රාජපක්ෂට (Video)

ස්ප්ලෑෂ් වෙළඳ ප්‍රදර්ශනයේ නිව්ස්ෆස්ට් තිර පරීක්ෂණ ජයග්‍රහණය හර්ෂණි රාජපක්ෂට (Video)

කර්තෘ Chathuranga Rajapaksha

26 Dec, 2015 | 9:49 pm

නිව්ස්ෆස්ට් මාධ්‍ය අනුග්‍රහයෙන් කැන්ඩි සිටි සෙන්ටර් හිදී පැවැත්වෙන ස්ප්ලෑෂ් වෙළඳ ප්‍රදර්ශනය හා සැණකෙළියට අද ත් විශාල පිරිසක් පැමිණියහ.

වෙළඳ ප්‍රදර්ශනයේදී නිව්ස්ෆස්ට් තිර පරීක්ෂණවලින් අප තෝරා ගත් ආධුනික නිවේදිකාව අද සජීවී ප්‍රවෘත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළා ය.

25 හැවිරිදි හර්ෂණි රාජපක්ෂ කැන්ඩි සිටි සෙන්ටර් හි පැවති නිව්ස්ෆස්ට් තිර පරීක්ෂණවලින් ජයග්‍රහනය කළේ තරගකරුවන් විශාල පිරිසක් අභිබමින් ය.

අද පස්වරු 3.55 ලයිව් ඇට් 55 ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ද ඇය වාසනාවන්ත වූවාය.

හර්ෂණී මහනුවර ස්වර්ණමාලී බාලිකා මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]