ලොව පුරා කිතුණු බැතිමත්හු මහත් බැතියෙන් නත්තල සමරති

ලොව පුරා කිතුණු බැතිමත්හු මහත් බැතියෙන් නත්තල සමරති

ලොව පුරා කිතුණු බැතිමත්හු මහත් බැතියෙන් නත්තල සමරති

කර්තෘ Sakila Udayakumara

25 Dec, 2015 | 6:46 am

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිහි කරන නත්තල කිතුණු ජනතාව අද මහත් බැතියෙන් සමරයි.

ලෝකවාසී කිතුණු බැතිමත්හු මෙන් ම ශ්‍රී ලංකාවේ කිතුණු බැතිමත්හු ඊයේ මධ්‍යම රාත්‍රී දේව මෙහෙයන්ට සහභාගී වූහ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සැමරෙන නත්තල ලොවට ගෙන එන්නේ, සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවුඩයයි.

අදින් වසර 2015කට පෙර දිනෙක බෙත්ලෙහෙම් අහස් කුසේ දීප්තිමත් තාරකාවක් පායා තිබුණේ, ලොවට බිහි වන ගැලවුම්කරුවාණන් පිළිබඳව සුබ පෙරනිමිති පහළ කරමිනි.

ලෝ වැසියන් පාපයෙන් මුදා ගැනීමට උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, සියල්ලන් දුකින් මුදා ගැනීම සඳහා බාධා රැසක් මැද ඉටු කළේ, අපරිමිත මෙහෙවරකි.

තමන්ට විමුක්ති මග දෙසු ඒ ශාස්තෲවරයාගේ උත්පත්තිය ලක්ෂ සංඛ්‍යාත කිතුණු බැතිමතුන් සමරන්නේ, මහත් භක්තියෙනි.

මෙරට ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ, හංවැල්ල ස්වර්ගාරෝපිත මාතා දේව මන්දිරයේදී ය.

ඒ, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]