සිරස නත්තල් කලාපය 19 සිට 21 දක්වා (VIDEO)

සිරස නත්තල් කලාපය 19 සිට 21 දක්වා (VIDEO)

කර්තෘ Staff writer

16 Dec, 2015 | 10:07 pm

සාමයේ පණිවිඩය රැගෙන ජේසු බිළිදා මෙලොවට පැමිණි අසිරිමත් නත්තල සැමරීමට මුළු ලොවම සූදානම්.

නත්තලට සැරසෙන ශ්‍රී ලාංකිකයින්ට, එතෙක් මෙතෙක් මෙරට නිර්මාණය වූ විචිත්‍රවත්, මෙන්ම විශ්මය සපිරි නත්තල් කලාපය තිලිණ කිරීමට සිරස මාධ්‍ය ජාලය සූදානම්.

කොළඹ 2, බ්‍රේබෘක් පෙදෙස, සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ පැවැත්වෙන නත්තල් කලාපය මේ වන විට සූදානම් වෙමින් පවතී.

නත්තල් සැරසිලි, කැරොල් ,මීගමුව දූව සාම්ප්‍රදායික නූත්‍ය කණ්ඩායම් රඟ දක්වන කිතු උපත සිහිගන්වන නාට්‍ය අංග සිරස නත්තල් කලාපය තුළදී නැරඹීමට හැකියි.

ක්ලෙමන්ට් ප්‍රනාන්දු මහතාගේ අධ්‍යෂණයෙන්, දිනේෂ් සුභසිංහගේ සංගීතයෙන් හැඩගැන්වෙන මෙම නාට්‍ය සඳහා එක්වන රංගන ශිල්පීන් ගණන 100 කට අධික ය.

සිරස නත්තල් කලාපය ශබ්ද මාදූර්යයෙන් හැඬගැන්වීමට ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායම් ද එක්වනු ඇති.

නත්තලේ උපරිම සතුට දරුවන්ට තිළිණ කිරීමේ අරමුණින් මෙම නත්තල් කලාපය තුළ පොඩිත්තන්ට වෙනම කලාපයක් වෙන් කෙරෙන අතර, එය විනෝද ක්‍රීඩා රැසකින් සමන්විත ය.

මෙම නත්තල් කලාපය 19 වන සෙනසුරාදා ආරම්භ වන්නේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

නත්තලේ සැබෑ අරුත උද්දීපනය වන අයුරින් චමත්කාරය සපිරුනු නත්තල් කලාපය දෙසැම්බර් 19,20,21 යන තෙදින සවස 4 සිට විවෘත වෙයි.

 

අසිරිමත් නත්තල සැමරීමට මෙරට නිර්මාණය වූ විචිත්‍රවත්, මෙන්ම විශ්මය සපිරි නත්තල් කලාපය තිලිණ කිරීමට සිරස මාධ්‍ය ජාලය සූදානම්……

Posted by Newsfirst.lk on Wednesday, December 16, 2015