වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන ජනපතිගේ ප්‍රධානත්වයෙන් (VIDEO)

වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන ජනපතිගේ ප්‍රධානත්වයෙන් (VIDEO)

කර්තෘ Staff writer

16 Dec, 2015 | 7:18 pm

වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතිණි.

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකාය මෙම වැඩසටහන සංවිධානය කළේ ය.

මැදිරිගිරිය, තිස්සපුර, මිරිස්හේන ප්‍රදේශයේ පළමු ජල පවිත්‍රකරණ පද්ධතිය ද මෙම වැඩසටහනට සමගාමීව විවෘත කෙරිණ.

වකුගඩු රෝග නිවාරණයට අදාළ ගීතයක් ද එළි දැක්වූයේ මෙම විශේෂ වැඩමුළුවට සමගාමීව ය.

වකුගඩු රෝගය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සහ සේවාලාභින් සඳහා 1951 කෙටි දුරකතන අංකය ද අද එළි දැක්විය.

මේ අතර වකුගඩු ‍රෝග නිවාරණය පිළිබඳ කාර්ය සාධක බලකායේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැතිණි.

එහිදී සකස්කල යෝජනා අද පස්වරුවේ ජනාධිපතිවරයාට ඉදිරිපත් කෙරිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]