රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ප්‍රමාද වී තිබු ගුවන් ගමන් යථා තත්ත්වයට

රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ප්‍රමාද වී තිබු ගුවන් ගමන් යථා තත්ත්වයට

රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ප්‍රමාද වී තිබු ගුවන් ගමන් යථා තත්ත්වයට

කර්තෘ Staff writer

16 Dec, 2015 | 4:38 pm

රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ප්‍රමාද වී තිබු ගුවන් මේ වන විට යථා තත්ත්වයට පත්ව තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, පස්වරු 2 න් පසු ගුවන් ගමන් යථා තත්ත්වයට පත් කළ බව ය.

ලන්ඩන්, ලාහෝර්, බෙයිජිං හා සිංගප්පූරුව බලා පියාසාර කිරීමට නියමිතව තිබූ ගුවන් යානා 04ක් එලෙස ප්‍රමාද කර තිබිණ.

ඒ පිළිබඳව රේගු අධිකාරීවරුන්ගෙන් සංගමයේ සාමාජිකයෙකු පැවසුවේ, කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් රේගු නිලධාරීන් අනවශ්‍ය ලෙස පරික්ෂාවකට ලක් කිරීමට කටයුතු කරනු ලැබූ බව ය.

ඒ හේතුවෙන් ඊට විරෝධය පළ කළ රේගු වෘත්තීය සමිති සාමාජිකයින්, පසුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සාකච්ඡා පවත්වා ඊට විසඳුම් ලබාදීමට පොරොන්දුවීමෙන් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබේ.