පෝලන්තයේ භයානක දුමිරිය අනතුරකින් පා පැදි කරුවෙක් නොබෙරි බේරුණු හැටි (CCTV)

පෝලන්තයේ භයානක දුමිරිය අනතුරකින් පා පැදි කරුවෙක් නොබෙරි බේරුණු හැටි (CCTV)

කර්තෘ Staff writer

16 Dec, 2015 | 5:54 pm

පා පැදි කරුවෙක් පෝලන්තයේ දුම්රිය ගේට්ටුවක් හරහා පාර මාරුවීමට යාමේදී අනතුරකට මුහුණ පෑ අයුරු දැක්වෙන CCTV දර්ශන Internet ඔස්සේ මුදා හැර තිබේ.

මෙම අනතුර පසුගිය මාසයේ සිදු වුවද, මේ සම්බන්ධයෙන් අදාළ දර්ශන Internet ඔස්සේ මුදා හැරුණේ, ඊයේ දිනයේදී ය.

දුම්රිය ගේට්ටුව වසා තිබියදී ඒ පිළිබඳව නොතකා පා පැදිය ධාවනය කිරීමට යාමෙන් මෙම අනතුර සිදු විය.

වාසනාවකට මෙන් පා පැදිකරු දුම්රියේ ගැටී දුම්රිය මාර්ගයෙන් පිටතට විසි වී සුළු තුවාල ලබා ජීවිතය බේරී තිබේ.

මහ මාර්ගයේ ගමන් කිරීමේදී මෙන්ම වාහන ධාවනයේදී සැලකිලිමත් විය යුතු අතර, මාර්ග සංඥා නිසි ආකාරයෙන් පිළිපැදිය යුතු බවට පසක් කිරීම ලොකු පොඩි කාටත් මෙය කදිම නිදසුනකි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]