කොළඹ නගරයට පැය එකහමාරක් තුළ මිලි මීටර් 114යි දශම 4ක වර්ෂාපතනයක්

කොළඹ නගරයට පැය එකහමාරක් තුළ මිලි මීටර් 114යි දශම 4ක වර්ෂාපතනයක්

කොළඹ නගරයට පැය එකහමාරක් තුළ මිලි මීටර් 114යි දශම 4ක වර්ෂාපතනයක්

කර්තෘ Chathuranga Rajapaksha

16 Dec, 2015 | 7:01 am

අද අලුයම කොළඹට ඇද හැළුණු දැඩි වර්ෂාව හේතුවෙන් තුම්මුල්ල ප්‍රදේශය ජලයෙන් යටවිය.

පොලීසිය පැවසුවේ එම ප්‍රදේශය අඩියක් පමණ ජලයෙන් යටවූ බව ය.

මේ හේතුවෙන් වාහන ධාවනයට යම් බාධාවක් මතුව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ කොළඹ නගරයට අද අලුයම පැය එකහමාරක් ඇතුළත මිලි මීටර් 114 යි දශම 4ක වර්ෂාවක් ඇඳ හැළුණු බව ය.

මේ අතර නිරිත දිග වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේ වැසි ස්වල්පයක් ඇති වන අතර, දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]