2016 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය ලබන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට රැගෙන එයි

2016 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය ලබන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට රැගෙන එයි

2016 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය ලබන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට රැගෙන එයි

කර්තෘ Chathuranga Rajapaksha

12 Dec, 2015 | 5:01 pm

2016 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ජයග්‍රාහී කණ්ඩායමට පිරිනමනු ලබන කුසලානයේ ලොව වටා සංචාරය හෙට ආරම්භ කෙරේ.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ රටවල් 12ක කුසලානය රුගෙන යන බව ය.

ඒ අනුව පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ පිරිමි සහ කාන්තා තරගාවලි දෙකෙහිම කුසලාන ලොව වටා රැගෙන යාමට නියමිත ය.

ඒ අනුව ලෝක කුසලානය පළමුවෙන්ම රැගෙන යනු ලබන්නේ ස්කොට්ලන්තයටයි.

ලබන ජනවාරි 17 සහ 18 දෙදින පන්දුවාර 20යි 20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවේදී ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.

ලබන වසරේ මාර්තු මස 08 වන දා සිට අප්‍රේල් 03 වන දා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ය.

පන්දුවාර 20යි 20 ලෝක කුසලානය ලොව වටා රැගෙන යන රටවල් ලැයිස්තුව

දෙසැම්බර් 13 – 14 ස්කොට්ලන්තය
දෙසැම්බර් 16 – 17 අයර්ලන්තය
දෙසැම්බර් 20 – 21 එංගලන්තය
දෙසැම්බර් 22 – 23 නෙදර්ලන්තය
ජනවාරි 02 – 03 සිම්බාබ්වේ
ජනවාරි 05 – 07 දකුණු අප්‍රිකාව
ජනවාරි 11 – 12 පකිස්ථානය
ජනවාරි 14 – 15 බංග්ලාදේශය
ජනවාරි 17 – 18 ශ්‍රී ලංකාව
ජනවාරි 21 – 24 නවසීලන්තය
ජනවාරි 26 – 31 ඔස්ට්‍රේලියාව
පෙබරවාරි 01 වන දා යළි ඉන්දියාවේ නවදිල්ලි නුවරට රැගෙන එයි