සිරස ක්වීන් කිරුළ නෙතලි තත්සරාට මෑන් හන්ට් කිරුළ යාෂ් මිහිරාන්ට

සිරස ක්වීන් කිරුළ නෙතලි තත්සරාට මෑන් හන්ට් කිරුළ යාෂ් මිහිරාන්ට

කර්තෘ Chathuranga Rajapaksha

12 Dec, 2015 | 10:28 pm

සිරස ක‍්වීන් (Sirasa Queen), සිරස මෑන් හන්ට් (Sirasa Man Hunt) සහ බෙස්ට් කොස්ටියුම් ඩිසයිනර් (Best Costume Designer) අවසන් මහා තරගය අති උත්කර්ෂවත් අන්දමින් රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී අද පැවැත්විය.

ඒ, අනුව නෙතලි තත්සරා සිරස ක්වීන් ලෙස කිරුළ දිනා ගත්තාය.

සිරස මෑන් හන්ට් ලෙස තේරී පත් වූයේ යාෂ් මිහිරාන්

බෙස්ට් කොස්ටියුම් ඩිසයිනර් ලෙස අයේෂා අබේවර්ධන ජය හිමි කර ගැනීමට සමත් වූවා ය.

විචිත්‍රවත් අංග රැසකින් සමන්විත අවසන් මහා තරගය නැරඹීම සඳහා විශාල පිරිසක් එක්ව සිටියහ.

2015 ජූනි මස 20 වන දා ආරම්භ කෙරුණු මෙම තරගාවලිය සඳහා තරඟකරුවන් රැසක් ඉදිරිපත් වූ අතර, අවසන් මහා තරගයේදී අංශ තුනකින් තරගකරුවන් 24 දෙනෙකු විසින් සිය දක්ෂතා ඉදිරිපත් කරනු ලැබිණි.