පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට ඇප

කර්තෘ Sagarika Chathumali

07 Dec, 2015 | 3:05 pm

පුද්ගල ඝාතන චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය.

මන්ත්‍රීවරයා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ඔහු මුදා හැරුණේ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප 2ක් මත ය.

ඊට අමතරව සැකකාර මන්ත්‍රීවරයාට විදේශගත වීම තහනම් වන අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු වේ.

ඇපකරුවන් ඔහුගේ සමීප ඥාතීන් විය යුතු බවට ද අධිකරණය නියෝග කළේ ය.

එමෙන් ම සෑම මසක ම අවසන් සිකුරාදා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතුවේ.

ප්‍රේමලාල් ජයසේකර මහතාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් රත්නපුර මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඔහු අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර තිබිණ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ විපක්ෂ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් අතර මන්ත්‍රීවරයා වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]