JUST IN : කැලිෆෝනියාවේ සාමාජ සේවා ආයතනයකට සන්නද්ධ ප්‍රහාරයක් : පුද්ගලයින් 14ක් මරුට (PHOTOS)

JUST IN : කැලිෆෝනියාවේ සාමාජ සේවා ආයතනයකට සන්නද්ධ ප්‍රහාරයක් : පුද්ගලයින් 14ක් මරුට (PHOTOS)

JUST IN : කැලිෆෝනියාවේ සාමාජ සේවා ආයතනයකට සන්නද්ධ ප්‍රහාරයක් : පුද්ගලයින් 14ක් මරුට (PHOTOS)

කර්තෘ Sagarika Chathumali

03 Dec, 2015 | 5:33 am

අමෙරිකාවේ කැලිෆෝනියාහි සාමාජ සේවා ආයතනයකට සන්නද්ධ කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, සන්නද්ධ පුද්ගලයින් 3 දෙනෙකු එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 17 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ය.

ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරුවන් තිදෙනෙකු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව එරට ආරක්ෂක අංශය සඳහන් කොට තිබේ.

ප්‍රහාරයට ලක්වූ සමාජ සේවා ආයතනයේ සභාපතිවරයා පැවසුවේ, එම ආයතනයේ ආබාධිත වැඩිහිටියන් පිරිසක් සඳහා වෛද්‍ය සායනයක් පැවැත්වෙන අතරතුර එම පරිශ්‍රයට කඩා වැදී ප්‍රහාරය එල්ල කළ බව ය.

තුවක්කුකරුවන් හමුදා භටයින් සේ සැරසී සිටි අතර අදාළ ප්‍රහාරකයින් කළු පැහැති මෝටර් රථයකින් පළා ගොස් තිබේ.

මෙම ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් නොව අභ්‍යන්තර ගැටුම්කාරී තත්වයක් බව එර‍ට ආරක්ෂක අංශය පැවසී ය

 

1107143_630x354

 

AP_816667390208

 

ht_shooting_02_lb_151202_16x9_608

 

1106938_630x354

 

1106918_630x354