වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය හෙට අවසන්

වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය හෙට අවසන්

කර්තෘ Chathuranga Rajapaksha

03 Dec, 2015 | 7:07 pm

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්තව ආරම්භ කළ වැඩවර්ජනය හෙට උදෑසන 8 අවසන් කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ජනාධිපතිවරයා සමඟ හෙට පෙරවරු 10ට සාකච්ඡා කිරීමට නියමිත බැවින් මෙම තීරණය ගත් බව ය.

අද පෙරවරු 8 සිට ආරම්භ වූ සංඛේත වැඩ වර්ජනයට වෛද්‍යවරුන් සමග වෘත්තීය සමිති 18 ක් එක්ව සිටියහ.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප සංශෝධනය නොවීම, විශ්‍රාම වැටුප අහෝසි කිරීම හා රාජ්‍ය‍ සේවකයින්ට ලබාදුන් සහන කප්පාදු කිරීමට ‍එරෙහිව වර්ජනය ආරම්භ කර තිබුණි.

ඉන් වඩාත් පීඩාවට පත් වූයේ ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත පැමිණි ජනතාවයි.

‍ජාතික රෝහලේ සායන කටයුතු හා බාහිර රෝගී අංශය අඩපනවීම හේතුවෙන් දිගු පෝලිම් දක්නට ලැබුණි .

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ හදීසි ප්‍රතිකාර ඒකකය හා දැඩි සත්කාර ඒකකය පමණක් ක්‍රියාත්මක වූ බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]