වැල්වෙටිතුරෙයි ප්‍රදේශයේ ගැඹුරු වළක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු මියයයි

වැල්වෙටිතුරෙයි ප්‍රදේශයේ ගැඹුරු වළක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු මියයයි

වැල්වෙටිතුරෙයි ප්‍රදේශයේ ගැඹුරු වළක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු මියයයි

කර්තෘ Staff writer

03 Dec, 2015 | 11:10 am

යාපනය, වැල්වෙටිතුරෙයි ප්‍රදේශයේ නිවසක වළක් තුළ සවිකර තිබු නළ ළිඳක් අලුත්වැඩියා කිරීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අදාළ පුද්ගලයින් ඊයේ පස්වරුවේ වළට බැසීමෙන් අනතුරුව ඔවුන් ඒ තුළම මියගොස් ඇති බව ය.

මෙය විදුලි සැර වැදීමකින් හෝ විෂ ආඝ්‍රානය වීමකින් සිදුවන්ට ඇතැයි සැක මතුව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ මන්දිකයි ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.