දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනයෙන් රෝහල් සේවාවලට බාධා (VIDEO)

දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනයෙන් රෝහල් සේවාවලට බාධා (VIDEO)

කර්තෘ Staff writer

03 Dec, 2015 | 2:03 pm

වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් දිවයිනේ බොහෝ රෝහල්වල සේවාවන්ට දැඩි බාධා එල්ල වී තිබේ.

ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් තමන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදුවූ බව ය.

වර්ජනය හේතුවෙන් ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ හා සායන ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක නොවන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසී ය.

අයවැයෙන් රාජ්‍ය සේවයේ වරප්‍රසාද කප්පාදු කිරීමට එරෙහිව වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීය සංගම් කිහිපයක් මෙම වර්ජනය ආරම්භ කළේ අද පෙරවරුවේදී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]