ජනප්‍රිය රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Staff writer

03 Dec, 2015 | 8:48 am

ජනප්‍රිය ප්‍රවීන රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

දිගු කලක සිට පාකින්සන් රෝගී තත්ත්වයෙන් පෙළුණු ඔහු මියයන විට 78 වන වියේ පසු විය.

අද අළුයම, මරදාන මාලිගාවත්තේ පිහිටි ඒ මහතාගේ නිවසේදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී තිබේ.

ප්‍රහසන නළුවෙකු ලෙස ජනාදරයට පත් සුනිල් හෙට්ටිආරච්චි මහතා වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය මෙන්ම චිත්‍රපට රැසකටද රංගනයෙන් දායක විය.

සුනිල් හෙට්ටිආරච්චි මහතා  වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ බෝඩිම ටෙලි නාට්‍යෙය් රඟපෑ චරිතයෙනි.

විකට චරිත හරහා ප්‍රේක්ෂක ජනාදරය දිනා ගත් ඔහුර ඟපෑ බෝඩිම, පළිගු මැණිකේ, මිහිකතගේ දරුවෝ, කීටයා වැනි ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයින් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්විය.

කඩවුණු පෙරොන්දුව හරහා සිනමාවට පිවිසි ඔහු හිත හොඳ චණ්ඩියා, නැව ගිළුණත් බෑන් චූං, දෙමෝදර පාලම, චෙරියෝ කැප්ටන්, කම් ඕ ගෝ චිකාගෝ, හායි හූයි බබි ආච්චි, වැඩ බැරි ටාසන්, මචං යන චිත්‍රපටවල ද සිය දායකත්වය ලබා දුන්නේ ය.

ඊට අමතරව හිරු නැති ලොවක්, මහගෙදර, රට භාරයි නුඹට පුතේ ඇතුළු වේදිකා නාට්‍ය රැසකට ඔහු රංගනයෙන් දායක වූයේ ය.

දරුවන් 4 දෙනෙකුගේ පියෙකු වන සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පැවසී ය.