චෙන්නයි ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දැමේ

චෙන්නයි ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දැමේ

චෙන්නයි ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දැමේ

කර්තෘ Sagarika Chathumali

03 Dec, 2015 | 2:41 pm

ඉන්දියාවේ චෙන්නයි නුවරට ඇදහැළෙන අධික වර්ෂාපතනය හේතුවෙන් චෙන්නයි ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු ලබන ඉරිදා තෙක් අත්අහිටුවා තිබේ.

චෙන්නයි ගුවන්තොටුපොළ උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර අත්තේ, විශේෂ ගුවන් යානා ගොඩ බැස්ස වීම සඳහා ඇරක්කෝනම්හි පිහිටි නාවික හමුදා ගුවන් තොටුපොළ විවෘත කර ඇති බව ය.

හෙට සිට චෙන්නයි බලා පැමිණීමට නියමිත මගී ගුවන් යානා සඳහා ද එම ගුවන්තොටුපොළ විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අරාක්ෂක බලධාරීන් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය අඟහරුවාදා සිට මේ දක්වා චෙන්නයි ගුවන්තොටුපොළේ සියලු මෙහෙයුම් කටයුතු නවතා දැමීමට සිදු වූයේ, අධික වර්ෂාවත් සමග ගුවන් පථය ජලයෙන් යට වීම හේතුවෙනි.

අද උදෑසන වන විට ගුවන් පථයේ ඇතැම් ස්ථානවල ජල මට්ටම අඩි 7ක් පමණ වූ බව චෙන්නයි ගුවන්තොටුපොළ බලධාරීන් පවසා තිබේ.

මේ අතර තමිල්නාඩු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ, ඉදිරි දින 4 තුළ ද චෙන්නයි ආශ්‍රිතව දැඩි වර්ෂාපතපතනයක් පතිත වනු ඇති බව ය.

දුම්රිය ගමනාගනයට ද දැඩි බලපෑම් එල්ල වී ඇති අතර දුම්රිය මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමන්වාර 50ක් ද අවලංගු කර තිබේ.

වැසි හේතුවෙන් චෙන්නයිහි ජන ජීවිත සම්පූර්ණයෙන් ම අඩාල වී ඇති අතර ලක්ෂ පුද්ගලයෝ ගණනක් පීඩාවට පත්ව සිටිති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]