“මේ ආරම්භය විතරයි තව හුඟක් දුර යන්න තියෙනවා” – අගමැති (VIDEO)

“මේ ආරම්භය විතරයි තව හුඟක් දුර යන්න තියෙනවා” – අගමැති (VIDEO)

කර්තෘ Staff writer

25 Nov, 2015 | 6:02 pm

දිනේෂ් වීරක්කොඩි මහතා රචනා කළ The Great November Revolution නම් කෘතිය දොරට වැඩීම වෙනුවෙන් ඊයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු සර්ව ආගමික නායකයින් සහ මැතිඇමතිවරුන් විශාල පිරිසක් එක්ව සිටියහ..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

[quote]විප්ලවය කළා. ප්‍රතිවිප්ලවය හඳුනා ගැනීම සහ ප්‍රතිවිප්ලවයට කළ යුතු කාර්යයන් කළ අය විසින් තෝරා බේරාගෙන කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. රජයක් බිහි කිරීමේ කාර්යයත් රජයක් පවත්වාගෙන යෑම සහ ඒ අනාගතයට මුහුණ දීමත් වඩ වඩා අවබෝධයෙන් කළ යුතු දෙයක් බවයි ඔබ අප කව්රුත් දන්නේ විශ්වාස කරන්නේ. දේශපාලනය කරන්නේ මිනිසුන්. ඒ නිසා එය සංකීර්ණයි. ඒ වගේම ගැටලු සහගතයි. අභියෝගාත්මකයි. එය සැමවිටම සෑම කෙනෙක්ම තේරුම් අරගෙන කටයුතු කිරීම ඉතාමත් අත්‍යවශ්‍යයි.[/quote]

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

[quote]අපි සාර්ථක වුණා. ඇයි සාර්ථක වුණේ, ජනතාවට උවමනා ජනතාවගේ බලාපොරෝතතු ඉෂ්ට කරන්න අපි ආවේ. බලයේ ඉන්නෙත් ආණ්ඩුවක් හැටියට ඉන්නෙත් ඒ සඳහා. දැන් අපිට තියෙන අභියෝගය අපේ වැඩ කටයුත්ත කරනවද නැද්ද කියන එක. අන්න අපි කොහොමද ඒක කරන්නේ කියලා මතක තියාගෙන වැඩ කරන්න ඕනේ. බලය ගන්න එක ලේසියි. ඒ බලය ආරක්ෂා කරලා ඒ ඒ අනුව ක්‍රියාත්මක කරන එක ඊට වඩා හුඟාක් අමාරු කාර්යයක්. මේ ආරම්භය විතරයි තව හුඟක් දුර යන්ට තියෙනවා. ඒත් ආරම්භය හොඳට හැදිලා තියෙන්නේ. ඒ නිසා ගමන ගැන අපි විශ්වාසයක් තියෙනවා.[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]