ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් ක්‍රියාත්මක කළ උපවාසය අවසන් (VIDEO)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් ක්‍රියාත්මක කළ උපවාසය අවසන් (VIDEO)

කර්තෘ Sakila Udayakumara

17 Nov, 2015 | 9:18 am

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර කිහිපයක රඳවා සිටි රැඳෙවියන් ආරම්භ කළ උපවාසය මේ වන විට අවසන් කර තිබේ.

මේ පිළිබඳව නිව්ස්ෆස්ට් කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසුවේ, අද උදෑසන අදාළ උපවාසයේ නිරත සැකකරුවන් කැඳ ආහාර ලබා ගැනීමෙන් පසු එම උපවාසය අවසන් වූ බව ය.

මේ අතර විලක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ කාර්යාලය වාර්තා කළේ, අදාළ උපවාසය ලබන 15 වන දා දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බව ය.