
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක රංජන් මඩුගල්ලේට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශුභාශිංසනය
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක රංජන් මඩුගල්ලේට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශුභාශිංසනය
කර්තෘ Staff writer
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක රංජන් මඩුගල්ලේට, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශුභාශිංසනය හිමි විය.
තරග තීරකවරයෙකු ලෙස එක්දින ජාත්‍යන්තර තරග 300 කඩඉම පසු කළ ලොව පළමුවැනියා ඔහු ය.
රංජන් මඩුගල්ල, වසර 1980-1988 දක්වා කාලයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළේ ය.
එහිදී ටෙස්ට් තරග 21 කට ක්‍රීඩා කර ඇති මඩුගල්ල, සහභාගී වී ඇති එක්දින තරග සංඛ්‍යාව 63 කි.
පසුව 1994 වසරේදී රන්ජන් මඩුගල්ලේ, අන්තර් ජාතික තරග තීරකවරයෙක් ලෙස සේවයට එක්විය.
අනතුරුව ඔහු පළමු ප්‍රධාන, තරග තීරකවරයා ලෙස පත්වූයේ 2001 වසරේදී ය.
මේ දින වල පැවැත්වෙන අබුඩාබි හිදී පැවැත්වෙන පාකිස්ථාන එංගලන්ත දෙවන එක්දින තරගයේ දී රන්ජන් මඩුගල්ලේ, සිය 300 වන තරගයට තීරකවරයා ලෙස එක්විය.
නිවේදනයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ, රන්ජන් මඩුගල්ලේට සිය ශුභාශිංසනය පිරිනමන බව ය.
ඔහුට ඒ වෙනුවෙන් සමරු සිහිවටනයක් ද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් පිරිනමා තිබේ.
- තවත් කොරෝනා මරණ 05 ක්..
- කොවිඩ් එන්නත ගැන ජනතාවට විශේෂ දැනුම් දීමක්..
- වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක ආරක්ෂා කිරීමට ජාතික වැඩපිළිවෙළක්
- කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දීම ගැන පකිස්ථාන අගමැතිගෙන් ප්‍රශංසා..
- මාස 2ක් තුළ ඩෙංගු රෝගීන් 3,141ක්
- ජපානයට ‘තනිකම’ පිළිබඳව අමාත්‍යවරයෙක්..
- හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වෙයි
- O/L පැවැත්වෙන කාලය තුළ සිසු සැරිය බස් ධාවනය අනිවාර්යයි
- පෑලියගොඩ පොලීසියේදී නීති සිසුවෙකුට පහර දුන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්නැයි උපදෙස්
- මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේදී..