ආකාශ වස්තුව නිරීක්ෂණය කළා – විද්‍යාඥයින්ගෙන් ප්‍රකාශයක්

ආකාශ වස්තුව නිරීක්ෂණය කළා – විද්‍යාඥයින්ගෙන් ප්‍රකාශයක්

ආකාශ වස්තුව නිරීක්ෂණය කළා – විද්‍යාඥයින්ගෙන් ප්‍රකාශයක්

කර්තෘ Chathuranga Rajapaksha

13 Nov, 2015 | 4:53 pm

දකුණු මුහුදු තීරයට කඩා වැටෙනු ඇති බවට ප්‍රකාශ වූ WT1190F නම් ආකාශ වස්තුව නිරීක්ෂණය කළ බව විද්‍යාඥයින් පවසයි.

මේ පිළිබඳව නිරීක්ෂණය කිරිම් සඳහා යොදා තිබූ ගුවන් යානයේ සිටි විද්‍යාඥයින් මේ බව තහවුරු කළේය.

ඒ පිළිබඳ වැඩිදුර වාර්තාවක් හෙට එලිදැක්වීමට නියමිත බව ද එම විද්‍යාඥයින් පවසයි.

මෙම ආකාශ වස්තුව අද පෙරවරු 11.50 ට පමණ දකුණු මුහුදට කඩා වැටීමට නියමිත බවට විද්‍යාඥයින් මත පළ කළේය.

අදාළ අකාශ වස්තුව කඩා වැටුණේ ද යන්න පිළිබඳව තවමත් නිශ්චිතව තොරතුරු හෙළි වී නැතත් එය නිරික්ෂණය කළ බව ඒ සඳහා විමර්ශනය කළ ගුවන් යානයේ සිටි විද්‍යාඥයින් විසින් ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂ ප්‍රියංකා කෝරලගම මහත්මි සඳහන් කළා ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]