ශ්‍රී ලංකාවට එරෙහි දෙවන පන්දුවාර 20/20 තරගයෙන් කොදෙව්වන්ට ජය

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන පන්දුවාර 20/20 තරගයෙන් කොදෙව්වන්ට ජය

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන පන්දුවාර 20/20 තරගයෙන් කොදෙව්වන්ට ජය

කර්තෘ Staff writer

12 Nov, 2015 | 8:41 am

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති දෙවන පන්දුවාර 20/20 තරගය ලකුණු 23 කින් ජයගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගාවලිය 1ට 1ක් ලෙස සම කිරිමට සමත්විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව්වන් වෙනුවෙන් ජොන්සන් චාල්ස් හා ඇන්ඩෘ ෆ්ලෙචර් පළමු කඩුල්ලට ලකුණු 62 ක සබඳතාවක් ගොඩනැගූහ.

චාල්ස් ලකුණු 34 ක් රැස්කළ අතර ෆ්ලෙචර් ලකුණු 23 ක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 162 ක් රැස් කළේ ය.

ලසිත් මාලිංග හා මිලින්ද සිරිවර්ධන කඩුලු දෙක බැගින් දවා ගත්හ.

පිළිතුරු ශ්‍රී ලංකා ඉනිමේ දෙවන කඩුල්ලට ටී. එම්. ඩිල්ශාන් හා ශෙහාන් ජයසූරිය ගොඩනැගූ සබඳතාව ලකුණූ 70 කි.

ශෙහාන් ජයසූරිය ලකුණු 30ක් රැස් කළ අතර සිය 11 වන අර්ධ ශතකය වාර්තා කළ ඩිල්ෂාන් ලකුණු 52 ක් රැස් කළේ ය.

ශ්‍රී ලංකා පිතිකරුවන් හය දෙනෙකු ලකුණු 10 සීමාව පසු කිරීමට පෙර දැවී යාම විශේෂත්වයකි.

ඩ්වේන් බ්‍රාවෝ ලකුණු 28ට කඩුලු 4 ක් දවා ගත් අතර රවී රාම්පෝල් ලකුණු 20ට කඩුලු 3 ක් ගත්තේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 139 කට දැවී ගියහ.