මා පිය වරදින් දඬුවමකට නියම වී සිටින 8 හැවිරිදි අමෙරිකානු දරුවෙකුගේ ඛේදවාචකය

මා පිය වරදින් දඬුවමකට නියම වී සිටින 8 හැවිරිදි අමෙරිකානු දරුවෙකුගේ ඛේදවාචකය

මා පිය වරදින් දඬුවමකට නියම වී සිටින 8 හැවිරිදි අමෙරිකානු දරුවෙකුගේ ඛේදවාචකය

කර්තෘ Sagarika Chathumali

12 Nov, 2015 | 5:35 pm

දෙමාපියන්ගේ වරදින් දඬුවමකට නියම වී සිටින 8 හැවිරිදි දරුවෙකු මුහුණ දී සිටින ඛේදවාචකයක් පිළිබඳව අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයෙන් වාර්තා වේ.

මෙහි විශේෂත්වය වන්නේ, ලොවටම ප්‍රජාතන්ත්‍රවාදය ඉගැන්වීමට උත්සාහ කරන අමෙරිකාව තුළ මවගේ වරදට දඬුවම් නොදී බාල වයස්කරුවෙකුට සිරගත වීමට මාර්ගයක් සැකසී තිබීම ය.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව එම සිද්ධිය සැකවින් මෙසේ ය.

දරුවන්ගේ මව සිය 8 හැවිරිදි පිරිමි දරුවා සහ අවුරුද්දක් වයසැති දැරිය අනාරක්ෂිත ලෙස යෙහෙළියකගේ නිවසක දමා එම යෙහෙළිය ද සමග රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇත.

මෙහිදී නොනවත්වා හැඬූ සිය අවුරුද්දක් වයසැති සිය නැගණිය නළවා ගැනීමට නොහැකි වූ කල නොහඬන ලෙස පවසමින් 8 හැවිරිදි පිරිමි දරුවා ඇයට පහර දී ඇති අතර එම පහරදීම් හමුවේ පුංචි නැගණිය සදහට ම හැඬුම් නවතා සිය දෑස් පියා ගෙන තිබේ.

කටේරියා ලුවිස් නමැති 26 හැවිරිදි අදාළ මව සහ යෙහෙළිය රාත්‍රී 11 සිට අලුයම 2 දක්වා නිවසේ සිට නොමැති අතර එම කාලය තුළ අදාළ දරුවන් දෙදෙනා තවත් දරුවන් 4 දෙනෙකු සමග කිසිදු ආරක්ෂාවක් නොමැතිව සිට ඇති බව අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන පොලිස් ප්‍රධානියෙකු පවසා ඇත්තේ, අවුරුදු 22ක් වූ සිය රාජකාරී කාලය තුළදී වාර්තා වූ දුක්ඛිතම සිදුවීම මෙය බව ය.

පසුගිය 11 වන දා රාත්‍රි මෙය සිදුව ඇති අතර දැරිය මිය ගොස් ඇති බව මව දැන ගෙන ඇත්තේ, පසු දා උදෑසන ය.

පසුව දැරිය රෝහල්ගත කර ඇති අතර කෙසේ වෙතත් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වී නොමැත.

පහරදීම් හේතුවෙන් ඇති වූ කම්පනය සහ බරපතළ ලෙස දැරියගේ අභ්‍යන්තර අවයවවලට හානී සිදු වීමෙන් ඇය මිය ගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා තිබේ.

මෙහි කනගාටුදායක තත්ත්වය වන්නේ, සිද්ධියට වගකිව යුතු අදාළ මව අමෙරිකානු ඩොලර් 15,000 ඇපයක් නියම කර මුදා හැර තිබීමත් 8 හැවිරිදි දරුවා නිදහස් නොකිරීමත් ය.

අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට අපරාධ නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් විවිධ වෙනසකම් පවතින අතර ඇලබාමාහි ළමා අධිකරණයේ නඩු පැවරිය හැකි අවම වයසක් නොමැත.

කෙසේ වෙතත් ලෝක නීතිය අනුව වයස අවුරුදු 8ක බාලවයස්කරුවෙකුට නීතියෙන් දඬුවම් පැමිණවීම සාධාරණ නොවන බව නීති විශාරදයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එකී තත්ත්වය හමුවේ දරුවා වරදකරු වුවහොත් ළමා අධිකරණය ඔහුට වයස 21 සපිරෙන තෙක් සිරගත කිරීමට ඇලබාමා ළමා අධිකරණයට හැකියාව පවතී.

හය හතර නොදත් අහිංසක දරුවන් වගකීම් විරහිතව අනාරක්ෂිත තත්ත්වයට පත්කරන ඇතැම් දෙමව්පියන් සිය දරුවන්ගේ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මෙය පාඩමක් කර ගත යුතු නොවේ ද?

alabama

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ දැරිය සහ ඇයගේ මව

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]