මාලදිවයින් කුමන්ත්‍රණ පිටුපස ඇවන්ට් ගාඩ් සම්බන්ධයක් ඇතැයි කැබිනට් ප්‍රකාශක කියයි (VIDEO)

මාලදිවයින් කුමන්ත්‍රණ පිටුපස ඇවන්ට් ගාඩ් සම්බන්ධයක් ඇතැයි කැබිනට් ප්‍රකාශක කියයි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

12 Nov, 2015 | 10:15 pm

ඇවන්ට්ගාඩ් පාවෙන අවිගබඩාවේ තිබූ ආයුධ 43 ක අංක වෙනස් කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අද කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මාලදිවයිනේ කුමන්ත්‍රණවලට ද ඇවන්ට්ගාර්ඩ් නෞකාවේ සම්බන්ධතාවක් තිබෙන බව ය.

මෙහිදී මාධ්‍යවේදීහු කැබිනට් ප්‍රකාශකවරයා වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කළහ.

ප්‍රශ්නය : ඔබතුමා කිව්වාට ඇවන්ට්ගාඩ් ඊයේ අහෝසි කළා කියල විජේදාස රාජපක්ෂ ඇමතිතුමා කියල තියෙනවා එ‍හෙම දෙයක් කරල නැහැ කියලා.

රාජිත : එයා වචනයක්වත් ඔතන කතාකරේ වත් නැහැ. වාඩිවෙලා හිටිය මිසක්. එක වචනයක්වත් ක‍තාකරේ නැහැ. ඔය ඔක්කෝම පත්තරවලට නේ කතාකරන්නේ. එතෙන්ට ඇවිල්ල කතා කරන්න තිබුණානේ ඔක්කෝම. එතුමා කියන එක මට වැඩක් නැහැනේ.

ප්‍රශ්නය : පක්ෂ මාරු කරන ගොඩ පෙරකදෝරුවන්ට අපි බය නැහැ කිව්වා.

රාජිත : ඉතින් එයත් පක්ෂ මාරු කළා නේ. එයා තමයි ගොඩ පෙරකදෝරුවා වෙන්නේ. එයා මොනව කියනවා ද? පක්ෂ මාරුකරන්න. එයා මාරු කළේ. එයා යූඑන්පී එකේයැ. ශ්‍රී ලනිප ඉදලනේ එයාත් ආවේ.

ප්‍රශ්නය: විජේදාස ඇමතිතුමා කිව්වා තනතුර දාල යන්නේත් නැහැ. ගෝඨාභය අත්අඩංගුවට ගන්නෙත් නැහැ කියලා.

රාජිත : එයාට තීන්දු කරන්නත් බැහැ. මට තීන්දු කරන්නත් බැහැ. මේ රටේ අධිකරණයක් තියෙනවානේ. අධිකරණ ඇමති කවුද තීන්දු ගන්න උසාවියයි තීන්දු ගන්නේ.මේ ර‍ටේ අග්‍රවිනිශ්චයකාරවරයාටවත් කියන්න බැහැ කවුද අත්අඩංගුවට ගන්නේ කියලා.‍මේක එහෙනම් බනානාරිපබ්ලිකා එකනේ. නරකයි නරකයි කියල කියපු කට්ටියනේ දැන් හොදයි හොදයි කියන්නේ.

ප්‍රශ්නය : නාවික හමුදාවට බාරදෙන්නේ වාර්තාවක් සකසල ද?

රාජිත : නැහැ නැහැ. පුළුවන් කියල කිව්වා. නාවික හමුදාපතිතුමා පැහැදිලිවම කිව්වා.නාවික හමුදාවෙන් මේක කරේ කලින් කියලා. කලින් කරපු එක ට අමුතුවෙන් මොකට ද වාර්තා. නීතිපතිතුමාත් කිව්වා  සුහද ගම්ලතුත් කිව්වා වහාම මේක කිරීම තමයි හොදම වැඩේ තියෙන්නේ. මේක අහෝසි කරල නාවික හමුදාවට ලබාදීම තමයි කියලා එතුමාත් කිවිව.

මෙහිදී රවිරාජ් ඝාතන සැකකරුවන්ගේ ආයුද ගැටලුව සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීහු කැබිනට් ප්‍රකාශකවරයාගෙන් ප්‍රශ්න කළහ.