පීලිපැනීමක් හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය ගල්ගමුව දක්වා සීමා කෙරේ (VIDEO_

පීලිපැනීමක් හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය ගල්ගමුව දක්වා සීමා කෙරේ (VIDEO_

කර්තෘ Staff writer

12 Nov, 2015 | 10:46 am

තඹුත්තේගම හා සෙනරත්ගම අතර දී සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය ගල්ගමුව දක්වා සීමා කර තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ගල්ගමුව දක්වා ගමන් ගමන්නා මගීන් බස් රථ වලින් තඹුත්තේගම දක්වා රැගෙන යන බව ය.

තඹුත්තේගම සිට යළි ඔවුන්ට සිය ගමනාන්තය බලා යාමට දූම්රිය පහසුකම් සැපයීමට කටයුතු යොදා ඇති බව ද පාලක මැදිරිය සඳහන් කළේ ය.

අද උදෑසන 6.20 ට පමණ එලෙස පීලිපැනීමට ලක්වූයේ වව්නියාවේ සිට මාතර බලා ධාවනය කෙරුණු රජරට රැජිණ සීඝුගාමී දුම්රියයි.

එහි මැදිරි දෙකක් හා එන්ජිම පීලිපැනීමට ලක්විය.

 

පීලිපැනීමක් හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය ගල්ගමුව දක්වා සීමා කෙරේ

Posted by Newsfirst.lk on Wednesday, November 11, 2015