කේ.පී. සම්බන්ධ වාර්තාවක් පොලීසිය අධිකරණයට භාර දෙයි

කේ.පී. සම්බන්ධ වාර්තාවක් පොලීසිය අධිකරණයට භාර දෙයි

කේ.පී. සම්බන්ධ වාර්තාවක් පොලීසිය අධිකරණයට භාර දෙයි

කර්තෘ Sakila Udayakumara

12 Nov, 2015 | 4:19 pm

ත්‍රස්තවාදී සමයේ සිදු කරන ලද ඝාතන 48ක් සම්බන්ධයෙන් කේ.පී. හේවත් කුමරන් පද්මනාදන් කිසිදු අයුරකින් සම්බන්ධ බවක් අනාවරණය නොවන බව සඳහන් කරමින් පොලීසිය අභියාචනාධිකරණයට වාර්තාවක් සපයා තිබේ.

පොලීසිය එම වාර්තාව ගොනු කළේ, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කේ.පී. ට එරෙහිව අභියාචනාධිකරණයට ගොනු කරන ලද රිට් පෙත්සමක් විභාගයට ගනු ලැබූ අවස්ථාවේදී ය.

කේ.පී. එල්.ටී.ටී.ඊ. සංවිධානයට යුද්ධ කිරීම සඳහා අවි ආයුධ හා මුදල් සැපයූ නායකයෙක් බව එම රිට් පෙත්සමේ සඳහන් වේ.

ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු කේ.පි. ඒල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත පන ගැන්වීමට ක්‍රියා කළ අයෙක් බව ත් එහි දැක්වේ.

පසුගිය ආණ්ඩුව මැලේසියාවේ සිට අත්අඩංගුවට ගෙන ඔහු ශ්‍රී ලංකාවට ගෙනවිත් නිදැල්ලේ හැසිරීමට ඉඩකඩ දී තිබෙන බව ත් ඔහු කළ අපරාධ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා නීත්‍යානුකූලව දඬුවම් පමුණු වන ලෙස ත් මන්ත්‍රීවරයා ගොනු කළ පෙත්සමේ සඳහන් ය.

අද එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විජිත් මළල්ගොඩ මහතා හමුවේ කැඳවනු ලැබී ය.

විනිසුරුවරයා එහිදී අතිරේක සොලිස්ටර් ජනරාල් ජයන්ත ජයසූරිය මහතාට පැවසුවේ, මේ සම්බන්ධයෙන් හොඳින් පරික්ෂණ පවත්වා සවිස්තර වාර්තාවක් පෙබරවාරි 3 වන දාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය.

දැනටමත් වැඩිදුර වාර්තාවක් පිළියෙළ කිරීම සඳහා තව ත් සිද්ධීන් පිළිබඳව පරික්ෂණ පවත්වාගෙන යන බව අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කියා සිටියේ ය.

වැඩිදුර විභාගය පෙබරවාරි තුන්වන දිනට කල් තැබිණි.

අධිකරණය දැනුම් දුන්නේ, කේ.පී. ට රටින් පිටව යාම තහනම් කරමින් නිකුත් කළ අතුරු තහනම තවදුරටත් බලපාන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]