ඇල්පිටියේදී පුද්ගලයින් දෙදෙනෙකුගෙන් සැරයන්වරයෙකුට ප්‍රහාරයක්

ඇල්පිටියේදී පුද්ගලයින් දෙදෙනෙකුගෙන් සැරයන්වරයෙකුට ප්‍රහාරයක්

ඇල්පිටියේදී පුද්ගලයින් දෙදෙනෙකුගෙන් සැරයන්වරයෙකුට ප්‍රහාරයක්

කර්තෘ Sagarika Chathumali

12 Nov, 2015 | 10:23 pm

ඇල්පිටිය, යක්කඩුව ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් සැරයන්වරයෙකුට තියුණු ආයුධයකින් පහර දී පලා ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව ය.

පොලිස් නිලධාරීන් වරෙන්තුකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය අතරතුර සැකකටයුතු යතුරු පැදියක් පරීක්ෂා කිරීමේදි ප්‍රහාරය එල්ල වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පැවසී ය.

පොලිස් නිලධාරීන් රථයෙන් බිමට බසින අවස්ථා‍වේ යතුරු පැදියේ සිටි අයෙකු සැරයන්වරයාට කඩුවකින් පහර දී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

පොලීසිය පැවසුවේ, තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ඇල්පිටිය රෝහලේ සිට කරාපිටිය රෝහලට මාරුකර යවා ඇති බව ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]