පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් (VIDEO)

පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් (VIDEO)

කර්තෘ Sakila Udayakumara

11 Nov, 2015 | 9:02 pm

පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළේ ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉදිරි පෙළ සාමාජිකයෙකු වන කුමාර් ගුණරත්නම් මහතා අතුරුදන් වීමේ පුවතක් 2012 වසරේ අප්‍රේල් මස 7 වන දා වාර්තා විය.

ඉන් දින කිහිපයකට පසු පොලීසිය පැවසුවේ, ප්‍රේමකුමාර් ගුණරත්නම් කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි බව ත්, වීසා කාලය අවසන් වීම හේතුවෙන් ඔහු ඔස්ට්‍රේලියාවට යැවීමට පියවර ගත් බව ය.

මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් අවශ්‍ය බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිස අද සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටියහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]