ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා නිව්ස්ෆස්ට් 20 වැනි වසර සපුරයි (Special Report)

ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා නිව්ස්ෆස්ට් 20 වැනි වසර සපුරයි (Special Report)

කර්තෘ Staff writer

06 Nov, 2015 | 12:22 pm

ඔබේ ජීවිතය – අපේ ප්‍රවෘත්ති.

එය යථාර්ථයක් කිරීම සඳහා අභියෝග මැද දවසේ පැය 24 පුරා පුවත් පසුපස හඹා යමින් නිව්ස්ෆස්ට් 20 වන සංවත්සරය අද සමරයි.

වර්ෂ 1995 නොවැම්බර් මස 6 වන දා රාත්‍රී පුවත් නමින් සිරස ප්‍රවෘත්ති විකාශය ආරම්භ කෙරිණි.

කඩිනමින් ප්‍රවෘත්ති සැපයීමේ අරමුණ පෙරදැරිව ආරම්භ කෙරුණු එම රාත්‍රී පුවත් විකාශය කෙටි කාලයක් තුළ මෙරට ජනතාව වැළඳ ගත්තේ, නැවුම් වාර්තාකරණයක අත්දැකීම් සමගිනි.

සිංහල ප්‍රවෘත්ති විකාශය ආරම්භ කිරීමට ප්‍රථම MTV චැනල් පුද්ගලික සමාගම ඉංග්‍රීසි භාෂාවෙන් ද ප්‍රවෘත්ති විකාශයක් ආරම්භ කර තිබිණි.

පසු කලක ශක්ති නිව්ස් නමින් දෙමළ භාෂාවෙන් ද ප්‍රවෘත්ති විකාශයක් ආරම්භ කළේ ය.

MTV හා MBC මාධ්‍ය ජාලයේ රූපවාහිනි හා ගුවන්විදුලි ප්‍රවෘත්ති නිව්ස්ෆස්ට් යන සන්නාමය යටතේ ක්‍රියාත්මක වීමට මුල පිරුණේ, 2002 වසරේ නොවැම්බර් මාසයේදී ය.

ජනතාවට කඩිනමින් හා නිරවුල්ව ප්‍රවෘත්ති සන්නිවේදනය කිරීම සඳහා ඉවහල් වන අති නවීන තාක්ෂණයකට හිමිකම් කියන මෙරට ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා www.newsfirst.lk හරහා භාෂා ත්‍රිත්වයෙන් ම සයිබර් අවකාශය ද ජය ගත්තේ ය.

කෙටි පණිවුඩ සේවාවෙන් අන් සැමටත් වඩා තොරතුරු වාර්තාකරණයෙන් තව තව ත් ජනතාවට නිව්ස්ෆස්ට් සමීප විය.

20 වසරක පුවත් මෙහෙවර තව ත් ඔබට සමීප කරමින් නොබියව අභියෝග භාර ගනිමින් අංක එකේ ප්‍රවෘත්ති සපයන්නා ලෙස හෙට ත් පෙරමුණ ගන්නට අප සූදානම්.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]