කුසල්ගෙන් විශිෂ්ට ඉනිමක්: කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

කුසල්ගෙන් විශිෂ්ට ඉනිමක්: කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

කුසල්ගෙන් විශිෂ්ට ඉනිමක්: කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

කර්තෘ Chathuranga Rajapaksha

04 Nov, 2015 | 11:32 pm

තව ත් එක්දින තරගයක් ඉතිරිව තිබියදීම බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.

ඒ, කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කොදෙව්වන්ට එරෙහිව අද පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීම ත් සමගිනි.

ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 38කදී ශ්‍රී ලංකාවට හිමි වූ ලකුණු 225ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 36යි පන්දු 3ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ටී.එම්. ඩිල්ෂාන් ලකුණු 17කට දැවී ගියේය.

අනතුරුව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 156ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනැංවීමට කුසල් පෙරේරා සහ ලහිරු තිරිමාන්න සමත් විය.

ප්‍රවේගකාරි ඉනිමක් ක්‍රීඩා කළ කුසල් පෙරේරාට සිය එක්දින ක්‍රිකට් දිවියේ 3වන ශතකය වාර්තා කිරිමට අවස්ථාව අද අහිමි විය.

ඒ ඔහු ලකුණු 99දී දැවීයාම හේතුවෙනි.

කුසල් ජනිත් ලකුණු 99ට දැවී ගිය ශ්‍රී ලංකාවේ සිව්වෙනි පිතිකරුවා වේ.

මීට පෙර රොමේෂ් කළුවිතාරණ, ටී.එම්. ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය (අවස්ථා දෙකකදී) දැවිගොස් තිබේ.

කුසල් සහ තිරිමාන්න අතර 3වන කඩුල්ලේ සබඳතාවය ලකුණු 156කි.

ලහිරු තිරිමාන්න නොදැවී ලබාගත් ලකුණු ගණන 81කි.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 15ක් ලබා ගැනීමට සමත් විය.

අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය එක් කණ්ඩායමක් සඳහා පන්දුවාර 38කට සීමා කිරීමට විනිසුරුවරුන් තීරණය කළේය.

ඒ අනුව තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 37යි පන්දු 4ක් අවසානයේදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 214ක් පමණි.

ඒ අනුව ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 38කදී ලකුණු 225ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය.

තරගයේ කාසියේ වාසිය හිමි කරගත් කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

කොදෙව් නායක ජේසන් හෝල්ඩර්ට තරග තහනමක් එල්ල වීම හේතුවෙන් අද තරගයේදී කොදෙව් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ මාලන් සැමුවෙල් විසිනි.

පන්දුවාර 26යි පන්දු 4ක් අවසානයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වනවිට කොදෙව් කණ්ඩායම කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු ගණන 149කි.

කොදෙව් අවසන් පන්දුවාරයේදී අවසන් කඩුලු 3ම දැවී ගියේ දුවද්දී දැවීයාමෙන් වීම විශේෂත්වයකි.

ජොන්සන් චාල්ර්ස් ලකුණු 83ක් ලබා ගැනිමට සමත් විය.

මාලන් සැමුවෙල් ලකුණු 63ක් ලබා ගත්තේය.

ලසිත් මාලිංග සහ මිලින්ද සිරිවර්ධන අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

දෙරට අතර තෙවන සහ අවසන් තරගය ලබන 7 වන දා මහනුවර, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය.

චතුරංග රාජපක්ෂ – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]