ශාරුක් ඛාන්ට සුබ පතන්න ලොව පුරා සිටින රසික රසිකාවියෝ ඔහුගේ නිවස ඉදිරිපිට රැස් වෙති (VIDEO)

ශාරුක් ඛාන්ට සුබ පතන්න ලොව පුරා සිටින රසික රසිකාවියෝ ඔහුගේ නිවස ඉදිරිපිට රැස් වෙති (VIDEO)

කර්තෘ Sakila Udayakumara

03 Nov, 2015 | 10:19 am

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සිය 50 වන උපන් දිනය ඊයේ සැමරී ය.

ඔහුගේ උපන් දිනය වෙනුවෙන් සුබ පැතීම සඳහා ලොව පුරා සිටින රසික රසිකාවියන් විශාල පිරිසක් ඊයේ ශාරුක් ඛාන්ගේ නිවස ඉදිරිපිට රැස්ව සිටි අයුරු දැක්වෙන දර්ශන මේ වන විට ඉන්ටර්නෙට් ඔස්සේ ව්‍යාප්ත වෙමින් තිබේ.

ශාරුක් ඛාන්ගේ උපන් දිනය නිමිත්තෙන් එලෙස රැස් වූ පිරිස් අත ඔහු වෙනුවෙන් ම සැකසූ කේක්, ඔහුගේ රුව සහිත පුවරු, කටවුට් ආදිය තිබූ අයුරු එම දර්ශනවලින් දැක ගත හැකි ය.

එම අවස්ථාව සඳහා ඉන්දියානුවන් මෙන් ම ජපන් ජාතිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිට ඇති අතර ශාරුක් ඛාන් ඔහුගේ නිවසේ සිට ඔහුට ආදරය කරන සියලු රසික රසිකාවියන්ට සිය ආචාරය සහ ස්තුතිය පළ කරන ආකාරය ද එම දර්ශනවල දැකගත හැක.

1965 වසරේ උපන් ශාරුක් ඛාන් සිය රංගනයෙන් දැක් වූ දක්ෂතා තුළින් ලොව පුරා සිටින ජනතාවගේ ආදරය දිනා ගැනීමට සමත් විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]