මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක්

මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක්

මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක්

කර්තෘ Staff writer

30 Oct, 2015 | 7:05 am

මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ, ඊට සෑම දිස්ත්‍රික්කයක ම සිටින නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කැඳවා ඇති බව ය.

පළාත් පාලන කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ කොමිසම නිකුත් කළ වාර්තාව එම සාකච්ඡාවේදී සමාලෝචනයට ලක් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පැවසී ය.

ඊට අමතරව ඉදිරියේදී බලාත්මක කිරීමට නියමිත මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් හා එහි කාර්යභාරයන් පිළිබඳව ද එම සාකච්ඡාවේදී අවධානයට ලක් කරන බව අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]