අලි මිනිස් ගැටුමට දුරකතන අංකයක්

අලි මිනිස් ගැටුමට දුරකතන අංකයක්

අලි මිනිස් ගැටුමට දුරකතන අංකයක්

කර්තෘ Sakila Udayakumara

30 Oct, 2015 | 10:47 am

අලි මිනිස් ගැටුම් සම්බන්ධයෙන් දැනුම් දීමට 1992 නමින් නව දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

තිරසර සංවර්ධන හා වනජීවී කටයුතු පිළිබඳ අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පැවසුවේ, අලි ඇතුන් ගම් වැදීම හේතුවෙන් සිදු වන දේපළ හානි හා මරණ අඩු කර ගැනීම ත් අලි ඇතුන්ට සිදු වන හානි අවම කිරීම ත් අරමුණු කර ගනිමින් එම දුරකතන අංකය හඳුන්වා දුන් බව ය.

1992 ඇමතීමෙන් ජනතාවට වනජීවී ප්‍රධාන කාර්යාලය සම්බන්ධ කර ගැනීමට හැකි වේ.

ඉන් පසු පැමිණිල්ල වනජීවී ප්‍රධාන කාර්යාලය විසින් ගැටලුවට අදාළ ප්‍රදේශයේ සහකාර වනජීවී කාර්යාල වෙත දැනුම් දෙනු ලබන බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම කාර්යාල හරහා ඒ හරහා බීට්ටු කාර්යාලවලට ද දැනුම් දීමෙන් අනතුරුව සුළු වේලාවක් ඇතුළත නිලධාරීන් අදාළ ස්ථානයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]