එන්ජින් අඩු වීමෙන් දුම්රිය සේවය මුහුණ දී ඇති ගැටලු පිළිබඳව වෘත්තීය සමිති හෙළි කරයි

එන්ජින් අඩු වීමෙන් දුම්රිය සේවය මුහුණ දී ඇති ගැටලු පිළිබඳව වෘත්තීය සමිති හෙළි කරයි

කර්තෘ Staff writer

29 Oct, 2015 | 7:10 pm

එන්ජින් ප්‍රමාණය අඩු වීමෙන් දුම්රිය සේවය මුහුණ පා ඇති ගැටලුවලට හේතුව ඒවා ආනයනය කිරීමේදී නිසි ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම බව දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේය.

ලොකමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසන්නේ, මේ හේතුවෙන් මෑත කාලයේ ගෙන්වන ලද දුම්රිය බලවේග කට්ටල රැසක් අකර්මන්‍ය වී ඇති බව ය.

එස් 11 සහ එම් 9 යන දුම්රිය බලවේග කට්ටල දුම්රිය සේවය මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයට බෙහෙවින් බලපා ඇතැයි වෘත්තීය සමිති පවසයි.

වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ, 2011 වසරේදී ණය ගිවිසුමක් යටතේ ආනයනය කළ එස් 11 ඉන්දීය බලවේග කට්ටලවල ගැටලු රැසක් පවතින බව ය.

ශ්‍රී ලංකා දුම්රිය සේවයට ප්‍රංශයේ අල්ස්ටොම් සමාගම නිෂ්පාදනය කරන ලද එම්.9 දුම්රිය ආනයනය කළේ, 2000 වසරේදී ය.

එහිදී දුම්රිය එන්ජින් 10ක් ගෙන් වූ අතර ඉන් 9ක් ම මේ වන විට අක්‍රිය බව වෘත්තීය සමිති පවසයි.

මේ අතර මත භේදයට තුඩු දී ඇති ඉන්දීය බලවේග කට්ටල ම නැවතත් ගෙන්වීමට කටයුතු කරන බව පවසමින් අද පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]