ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් එක් කළ යුතුයි – සචින් ටෙන්ඩුල්කාර් සහ ශේන් වෝන්

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් එක් කළ යුතුයි – සචින් ටෙන්ඩුල්කාර් සහ ශේන් වෝන්

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් එක් කළ යුතුයි – සචින් ටෙන්ඩුල්කාර් සහ ශේන් වෝන්

කර්තෘ Staff writer

27 Oct, 2015 | 5:42 pm

ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් එක් කළ යුතු බව හිටපු ඉන්දීය ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් හා ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක ශේන් වෝන් පවසති.

සචින් ටෙන්ඩුල්කාර් හා ශේන් වෝන් පෙන්වා දෙන්නේ, ක්‍රිකට් ක්‍රීඩාව ලොව පුරා ව්‍යාප්ත කිරීමට මෙය හොඳ අවස්ථාවක් බව ය.

එසේම පන්දුවාර 20/20 තරග ඔලිම්පික් උළෙලට ඇතුළත් කිරීම යෝග්‍ය බව ද ඔවුන් පෙන්වා දෙති.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය මීට යොමුවී නොමැත.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, මෙම ප්‍රකාශ හේතුවෙන්,  අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ද අවධානය මීට යොමුවනු ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]