දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක්

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක්

කර්තෘ Sagarika Chathumali

25 Oct, 2015 | 8:39 pm

දරුවන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද පැවති උත්සවයකට එක්වෙමිනි.

අත්තනගල්ල, ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලයේ පාසලේ නව තෙමහල් ගොඩනැගිල්ල ජනාධිපතිවරයා අද සිසු අයිතියට පත් කළේ ය.

මෙය ඉදිකර ඇත්තේ අත්තනගල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය පන්නිල ශ්‍රී ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙනි.

විවෘත කිරීමේ උත්සවයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ජනාධිපතිවරයා එහිදී පැවසුවේ, දෙමාපියන්ගේ වගකීම් විරහිත ක්‍රියාකාරීත්වය සහ දැනුවත් භාවයේ ඇති ඌනතා හේතුවෙන් බහුල වශයෙන් දරුවන්ට කරදර සිදු වන බව ය.

දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව මේ වන විට ඇති වී තිබෙන පුළුල් ජාතික සංවාදයේ මුල් ම වගකීම දෙමව්පියන්ට පැවරෙන බව ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]