සමාජ වෙබ් අඩවි අවභාවිතය වැළැක්වීමට නිර්දේශ මාලාවක්

සමාජ වෙබ් අඩවි අවභාවිතය වැළැක්වීමට නිර්දේශ මාලාවක්

සමාජ වෙබ් අඩවි අවභාවිතය වැළැක්වීමට නිර්දේශ මාලාවක්

කර්තෘ Staff writer

24 Oct, 2015 | 12:09 pm

සමාජ වෙබ් අඩවි අවභාවිතය වැළැක්වීම සඳහා නීති කොමිෂන් සභාව මගින් නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

නිව්ස්ෆස්ට් කළ විමසුමකදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ පිළිබඳව ඉදිරි දෙසතිය තුළ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ය.

විවිධ පුද්ගලයින්ට හිතාමාතා අපහාස වන අයුරින් ඇතැම් සමාජ වෙබ් අඩවි කටයුතු කරන බවට කලක සිට පැමිණිලි ඉදිරිපත්ව ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, පාසැල් සිසුවියන්ගේ ඡායාරූප විකෘති කරමින් එලෙස පළ කිරීම නිසා සියදිවි හානි කර ගත් අවස්ථාවන් ද වාර්තාවූ බව ය.

එම කරුණු ද සැලකිල්ලට ගෙන නීති කොමිෂන් සභාව මගින් සමාජ වෙබ් අඩවි අවභාවිත කරන්නන්ට එරෙහිව කටයුතු කළ හැකි බව පරිදි නීති සකසන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]