ශ්‍රී ලාංකේය සංගීතය ජාත්‍යන්තරයට රැගෙන ගිය ප්‍රේමසිරි කේමදාසයන් අභාවප්‍රාප්ත වී අදට වසර 7ක් සපිරෙයි (VIDEO)

ශ්‍රී ලාංකේය සංගීතය ජාත්‍යන්තරයට රැගෙන ගිය ප්‍රේමසිරි කේමදාසයන් අභාවප්‍රාප්ත වී අදට වසර 7ක් සපිරෙයි (VIDEO)

කර්තෘ Sakila Udayakumara

24 Oct, 2015 | 10:05 pm

ශ්‍රී ලාංකේය සුභාවිත සංගීතය ජාත්‍යන්තරය වෙත රැ‍ගෙන ගිය ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන් අභාවප්‍රාප්ත වී අදට වසර 7කි.

මේ ඔහු පිළිබඳ ගෙන එන ආවර්ජනයක්.

ප්‍රේමසිරි කේමදාස මහතා 1937 ජනවාරි 25 වන දා වාද්දුවේදී උපත ලැබී ය.

තමන්ටම ආවේණික මගක ගමන් ගනිමින් සොඳුරු නිර්මාණ රැසක් සහෘදයින්ට තිළිණ කළ ඔහු සංගීතයේ අලුත් ඉසව් සොයා ගිය විශිෂ්ට ගණයේ නිර්මාපකයෙකි.

කේමදාස මහතා නිරන්තරයෙන් උත්සහ ගත්තේ, සිංහල ජන සංගීතය, හින්දුස්ථානි සංගීතය හා බටහිර සංගීතය යුගයට ඔබින අයුරින් සංයුක්ත කර තම නිර්මාණයට අතිශය සාධරණය ඉටු කිරීමට ය.

1965දී සෝබන සිත චිත්‍රපටයෙන් සිනමා සංගීතයට යොමු වූ කේමදාස මහතා, 1967 දී “සැනසුම කොතැනද“ චිත්‍රපටයේ සංගීතය වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය.

එදා මෙදා තුළ අතිශය ජනප්‍රිය තනු රැසක් ශ්‍රී ලාංකේය ගීත කලාවට දයාද කළ ප්‍රේමසිරි කේමදාසයන් සිරස සුපිරි තරු මාවතේ පැමිණි දුහුනන් වෙනුවෙන් ද තම සංගීත ඥාණය දායද කළේ ද මහත් උනන්දුවෙනි.

සම්මානනීය, ගෞරවණීය සංගීතඥයෙකු ලෙස දෙස් විදෙස් ප්‍රක‍ට ප්‍රේමසිරි කේමදාස මහතා මෙරට සංගීතයේ තැබූ
සලකුණ සදා නොමැකෙන්නකි.

 

ශ්‍රී ලාංකේය සංගීතය ජාත්‍යන්තරයට රැගෙන ගිය ප්‍රේමසිරි කේමදාසයන් අභාවප්‍රාප්ත වී අදට වසර 7ක් සපිරෙයිRead story: http://goo.gl/0eLoKQ

Posted by Newsfirst.lk on Saturday, October 24, 2015

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]