මාලදිවයින් ජනපති ඝාතනය කිරීමට තැත් කළැයි සැකපිට උප ජනාධිපති අත්අඩංගුවට

මාලදිවයින් ජනපති ඝාතනය කිරීමට තැත් කළැයි සැකපිට උප ජනාධිපති අත්අඩංගුවට

මාලදිවයින් ජනපති ඝාතනය කිරීමට තැත් කළැයි සැකපිට උප ජනාධිපති අත්අඩංගුවට

කර්තෘ Sakila Udayakumara

24 Oct, 2015 | 8:29 pm

මාලදිවයිනේ උප ජනාධිපති අහමඩ් අදීබ් අබ්දුල් ගෆූර් අද අත්අඩංගුවට ගැනිණි.

ඒ, මාලදිවයින් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සැකය මත ය.

ඉකුත් සැප්තැම්බර් 28 වන දා මාලදිවයින් ජනාධිපති අබ්දුල් යමීන් සහ ඔහුගේ බිරිඳ මක්කම වන්දනාවට ගොස් මාලදිවයින බලා පැමිණ බෝට්ටුවක් ආධාරයෙන් නගරය වෙත යමින් සිටියදී බෝට්ටුවේ පිපිරීමක් සිදු විය.

කාර්මික දෝෂයක් හේතුවෙන් පිපිරීම සිදු වූ බවට මුලින් සැක කෙරුණ ත් ජනාධිපති කාර්යාලය පසුව මාධ්‍ය වෙත නිවේදනය කළේ, එය ඝාතන ප්‍රයත්නයක් බව ය.

එම සිද්ධිය පසුබිම් කර ගනිමින් කළ පරීක්ෂණවලින් පසු මාලදිවයිනේ උප ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනුණු අතර, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව බී.බී.සී. වාර්තාවක සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]