දඹුල්ලේ සිදු වූ බස් රථ අනතුරකින් 23 දෙනෙකුට තුවාල

දඹුල්ලේ සිදු වූ බස් රථ අනතුරකින් 23 දෙනෙකුට තුවාල

දඹුල්ලේ සිදු වූ බස් රථ අනතුරකින් 23 දෙනෙකුට තුවාල

කර්තෘ Staff writer

24 Oct, 2015 | 9:22 am

අද අලුයම හබරණ, දඹුල්ල මාර්ගයේ ඉනාමළුව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා තිබේ.

හබරණ දඹුල්ල මාර්ගයේ දඹුල්ල දෙසට ධාවනයවූ පුද්ගලික බස් රථයක් ලොරි රථයක පිටුපස ගැටී අනතුර සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.

අනතුරින් පුද්ගලික බස් රථයේ රියදුරු ඇතුළු 23 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඔවුන්ගෙන් 4 දෙනෙකු කාන්තාවන් වෙති.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.