ගෙවුණු මාස 08 තුළ ඛණිජ තෙල් ආනයනයට වැය වී ඇති මුදල පසුගිය වසරට සාපේක්ෂව 48%ක අඩු වීමක්

ගෙවුණු මාස 08 තුළ ඛණිජ තෙල් ආනයනයට වැය වී ඇති මුදල පසුගිය වසරට සාපේක්ෂව 48%ක අඩු වීමක්

ගෙවුණු මාස 08 තුළ ඛණිජ තෙල් ආනයනයට වැය වී ඇති මුදල පසුගිය වසරට සාපේක්ෂව 48%ක අඩු වීමක්

කර්තෘ Sakila Udayakumara

24 Oct, 2015 | 9:42 pm

මේ වසරේ ගෙවුණු මාස 08 තුළ ඛණිජ තෙල් ආනයනය සඳහා වැය වී ඇති මුදල පසුගිය වසරේ එම කාලයට වඩා 48%කින් අඩු වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව 2014 වසරේ මුල් මාස 08 සඳහා තෙල් ආනයනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 3448.5ක් වැය කර තිබිණි.

නමුත් මේ වසරේ අදාළ කාලය තුළ ඒ සඳහා වැය වී ඇත්තේ, අමෙරිකානු ඩොලර් මිලියන 1789.33ක් පමණි.

ඒ අනුව පසුගිය වසරේ අදාළ කාලයේ තෙල් ආනයනය සඳහා දැරූ වියදමට වඩා ඩොලර් මිලියන 1659.2ක් මේ වසරේ ඉතිරි කර ගැනීමට හැකිව තිබේ.

2014 වසරේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100ත් 115ත් අතර පැවතුණ ද මේ වසරේ ගෙවුණු කාලය තුළ තෙල් බැරල් එකක මිල පැවතුණේ, ඩොලර් 40ත් 60ත් අතර මිලක ය.

මේ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 47ක සීමාවේ පවතින අතර එය ගෙවුණු වසර හයක කාලය තුළ වාර්තා වූ අඩු ම තෙල් මිල බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]