කොරියාවේ ධීවර රැකියා සඳහා බඳවා ගැනීමේ පරීක්‍ෂණයට අයදුම්පත් 4590 ක් නිකුත් කෙරේ

කොරියාවේ ධීවර රැකියා සඳහා බඳවා ගැනීමේ පරීක්‍ෂණයට අයදුම්පත් 4590 ක් නිකුත් කෙරේ

කොරියාවේ ධීවර රැකියා සඳහා බඳවා ගැනීමේ පරීක්‍ෂණයට අයදුම්පත් 4590 ක් නිකුත් කෙරේ

කර්තෘ Staff writer

24 Oct, 2015 | 6:50 am

දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා ශ‍්‍රී ලාංකිකයින් බඳවා ගැනීමේ පරීක්‍ෂණයට අයදුම්පත‍්‍ර 4590 ක් නිකුත් කර ඇතැයි ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඊට අදාළ අයදුම්පත්‍ර නිකුත් කිරීම පසුගිය 19 සිට 21 දක්වා සිදු කෙරිණ.

ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ ගාල්ල, මාතර, හම්බන්තොට, ගම්පහ, ති‍්‍රකුණාමලය, රත්නපුර, රත්මලාන, අනුරාධපුර හා හලාවත යන කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානවලදී අයදුම්පත්‍ර නිකුත් කිරීම සිදුවූ බව ය.

මෙවර පරීක්ෂණය නොවැම්බර් මස 7 වන දින පැවැත්වීමට නියමිතව ඇති අතර ඉන් අයදුම්කරුවන් 700 ක් පමණ සමත් කෙරෙන බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසී ය.

මෙම ධීවර පරීක්‍ෂණයේ ප‍්‍රතිඵල 2015 දෙසැම්බර් මස 2 දින නිකුත් කිරීමට නියමිතයි.

දකුණු කොරියාවේ රැකියා සඳහා 2015 වර්ෂයේ මුල් මාස 9 තුළ පුද්ගලයින් 5,599 දෙනෙකු පිටව ගොස් තිබෙන බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.