70 වන සංවත්සරය සමරන එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳ සටහනක්….

70 වන සංවත්සරය සමරන එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳ සටහනක්….

70 වන සංවත්සරය සමරන එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳ සටහනක්….

කර්තෘ Sagarika Chathumali

24 Oct, 2015 | 6:43 am

ලෝක සාමය පෙරදැරි කරගත් ලොව බවත් ම සංවිධානය ලෙස සැලකෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 70 වන සංවත්සරය අදට යෙදී තිබේ.

අද දින එක්සත් ජාතීනගේ ජාතීන්ගේ දිනය ලෙස සැලකෙන්නේ, 1945 වර්ෂයේ ඔක 24 වන දා එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරිම සනිටුහන් කිරීම සඳහා ය.

එක්සත් ජාතීන්ගේ 70 වන සංවත්සර දිනයේදී  එක්සත් ජාතීන්ගේ සාම පණිවුඩය ලොවට ප්‍රකාශ කරමින් ප්‍රසංගයක් නිව්යෝක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

එසේම අද දිනයේ, ලෝක ව්‍යාප්ත ‘Turn the World UN Blue’ වැඩසටහන ද ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන තුළින් ගෝලීය පුරවැසියන්ගේ එක්සත් බව හා සාමය, සංවර්ධනය හා මානව හිමිකම් පිළිබඳ පණිවුඩය ප්‍රකාශ කිරීම සඳහා සංකේතයන් ලෙස ලොව පුරා රටවල්වල සුවිශේෂීතම ස්මාරක, ගොඩනැගිලි, ප්‍රතිමා, පාලම් සහ අනෙකුත් ස්ථාන නිල් පැහැයෙන් ආලෝක ගැන්වීම සහ සැරසීම සිදු කරනු ඇත.

එක්සත් ජාතීන්ගේ 70වෙනි සංවත්සරය සැමරීම සඳහා ඔවුන් විසින් ‘UN70‘ ලෙස ලාංඡනයක් ද නිර්මාණය කර ඇති අතර එහි මෙදින තේමාව වන ‘Strong UN, Better World‘ යන්න ය.

මේ ඒ පිළිබඳ තබන සටහනක්…..

අවුරු 70ක ඉතිහාසයකට උරුම්කම් කියන රටවල් 193 ක් තරම් විශාල සංඛ්‍යාවක් සිය සාමාජිකයින් බවට පත් කර ගනිමින් ලොව ක්‍රියාත්මක සුවිශේෂී ම මෙන් ම බලවත් ම සංවිධානය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුන්වා දිය හැකි ය.

එක්සත් ජාතීන්ගේ සංවිධාන නිල වශයෙන් පිහිටුවා ලැබුවේ, 1945 ඔක්තෝබර් 24 වන දා ය.

දෙවන ලෝක යුද්ධය නිසා සිදු වූ මහා විනාශය හමුවේ එයට සම්බන්ධ වූ හා නොවූ රටවල්වල රාජ්‍ය තාන්ත‍්‍රික නියෝජිතයන් අමෙරිකාවේ සැන්ෆ‍්‍රැන්සිස්කෝ නුවරදී මුණ ගැසී යළිත් එවන් ව්‍යසනයක් වළක්වන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීම සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගැනීමේ කතාබහ ආරම්භ වී ඇත.

II වන ලෝක යුද සමයේ ගොඩෙනැගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයට ‘United Nations’ යන නම හිමි වූයේ, එවකට අමෙරිකානු ජනාධිපති වූ ෆ්‍රෑන්ක්ලින් රූස්ට්වෙල් මහතාගේ යෝජනාවක් අනුව ය.

ඒ අනුව 1942 ජනවාරි පළමු වන දා සිට අද දක්වා ‘United Nations’  යන නාමය යටතේ මෙම සංවිධානය ක්‍රියාත්මක ය.

1942 වර්ෂයේ පිහිටුවනු ලැබූ මෙම සංවිධානය නිල වශයෙන් අන්තර් ජාතික සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, 1945 ඔක්තෝබර් 24 වන දා අමෙරිකාවේ සැන් ෆැන්සිස්කෝ නුවරදී එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කිරීමත් සමග ය.

ඒ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් සංඛ්‍යාව 50ක් විය.

1944 වසරේ අගෝස්තු සහ ඔක්තෝබර් කාලය තුළ අමෙරිකාවේදී රැස් වූ චීනය, සෝවියට් රුසියාව, එක්සත් රාජධානිය සහ අමෙරිකාව යන රටවල් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සකස් කර ගත් අතර මෙහි සාමාජිකත්වය දැරූ රටවල් 50, 1945 වසරේ ජුනි 26 වන දා ප්‍රඥප්තියට අත්සන් තැබී ය.

පෝලන්තය සංවිධානයේ 51 වන රට ලෙස ප්‍රඥප්තියට අත්සන් කරනු ලැබුවේ, ඉන් පසුව ය.

මේ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය අන්තර් ජාතික සංවිධානයක් ලෙස 1945 වසරේ ඔක්තෝබර් 24 වන දා සිට සිය ක්‍රියාකාරීත්වය ඇරඹී ය.

ලොව පැවැත්මට බලපෑම් කරන බොහෝ කරුණු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව පවතින එක්සත් ජාතීන්ගේ සංවිධානයට
ප්‍රඥප්තියට අනුකූලව සිය සාමාජික රටවල් කෙරෙහි ක්‍රියාත්මක වීමේ හැකියාව ද පවතී.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාජිකත්වය ලබා ගන්නේ, 1955 වසරේ දෙසැම්බර් 14 වන දා ය.

එකසත් ජාතීන්ගේ සංවිධානය ප්‍රධාන අංශ 6කින් සමන්විත වේ.

මහා මණ්ඩලය
ආරක්ෂක මණ්ඩලය
ආර්ථික හා සමාජීයය කවුන්සිලය
භාරකාර මණ්ඩලය
ජාත්‍යන්තර අධිකරණය
මහලේකම්

මහා මණ්ඩලය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුවිශේෂී කාර්ය කොටසක් ඉටු කරනමහා මණ්ඩලයට එහි සාමාජික රටවල් 193 ම අයත් වේ. එක්සත්
ජාතීන්ගේ සංවිධානයේ ප්‍රතිපත්ති සම්පාදනය සිදු කරනු ලබන්නේ, මහා මණ්ඩලය විසිනි. සෑම වසරක ම සැප්තැම්බර් මාසයේ අමෙරිකාවේ නිව්යෝර්ක්හිදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස් වන අතර සාමාජික රටවල නායකයින් මෙම සමුළුවට සහභාගී විය යුතු ය. සෑම සාමාජික රටක ම නායකයින්ට සමුළුව ඇමතීමට ද අවස්ථාව උදා වේ. මෙහිදී ඒ ඒ රටවලට බලපාන කරුණු සම්බන්ධයෙන් මෙන් ම අන්‍යෝන්‍ය වශයෙන් සාමාජික රටවල් අතර පවතින ගැටලු සාකාච්ඡාකළ හැකි අතර ඒවා විවාදයට ගැනීමට ද හැකියාව පවතී. සෑම වසරකදී ම මහා මණ්ඩලයට සභාපතිවරයෙකු තෝරා ගැනීම ද මෙම සමුළුවේදී සිදු වේ.

ආරක්ෂක මණ්ඩලය

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වා ගෙන යාමට කටයුතු කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය සතු ප්‍රධාන ම කාර්යය වේ. ආරක්ෂක මණ්ඩලය සාමාජික රටවල් 15කින් සමන්විත වන අතර ඉන් 5ක් එහි ස්ථීර සාමාජිකත්වය දරයි. චීනය, ප්‍රංශය, රැසියාව, අමෙරිකාව, එක්සත් රාජධානිය එහි ස්ථීර සාමාජිකයින් ය. ප්‍රඥප්තියට අනුව සෑම රටකට ම එක් ඡන්දයක් හිමි වේ. ප්‍රඥප්තියට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු ම සාමාජික රටවල් ආර්ක්ෂක මණ්ඩලයේ තීරණ සමග එකඟ විය යුතු ව ඇත. තව ද ආරක්ෂක මණ්ඩලය තුළ කිසියම් සාමය හා ආරක්ෂාව සම්බන්ධ යෝජනාවක් සම්මත වීමට නම් ස්ථීර සාමාජික රටවල් 5 ම එකඟ විය යුතු ය. ලෝක සාමයට පවතින තර්ජන, කළහකාරී සිදුවීම් පිළිබඳ මෙම මණ්ඩලය අවධියෙන් පසුවන අතර
එවැනි අර්බූද සාමකාමීව විසඳීමට හෝ විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙම මණ්ඩලයට බලය තිබේ. සමහර කාරණාවන්හිදී අන්තර්ජාතික සාමය හෝ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුදමය බලය යෙදවීම සඳහා යෝජනා සම්මත කිරීමට ද මෙම මණ්ඩලයට බලය හිමි වේ. ආරක්ෂක මණ්ඩලයේ සභාපතිවරයෙකු සිටින අතර ඔහුගේ තනතුර සෑම මසකට වරක් ම වෙනස් වේ.

ආර්ථික සහ සාමාජීය කවුන්සිලය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අංශයක් ලෙස ආර්ථික හා සමාජීය කවුන්සිලය හඳුන්වා දිය හැකි ය. සාමාජීය, පාරිසරික සහ ආර්ථිකමය වශයෙන් ලෝකයට බලපාන කරුණු සම්බන්ධයෙන් කටුයතු කිරීම මෙම කවුන්සිලයේ ප්‍රධාන කාර්යය වේ. එම අංශවලට
අදාළව ප්‍රතිපත්තීන්හි ගුණදොස් විචාරණය, නව ප්‍රතිපත්ති සකස් කිරීම, අවශ්‍යතාව මත නිර්දේශ ඉදිරිපත් කිරීම එමෙන් ම අන්තර්ජාතික වශයෙන් එකඟතාවන්ට එළැඹීම සංවර්ධන ඉලක්ක ක්‍රියාවට නැංවීම ද මෙම සංවිධානයේ අරමුණු අතර වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන වූත් සුවිශේෂී වූත් කාර්යය කොටසක් ඉටුකරනු ලබන ආර්ථික සහ සාමාජීය කවුන්සිලය සාමාජික රටවල් 54කින් සමන්විත වන අතර සෑම අවුරුදු 3කට වරක් ම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවේදී මෙම රටවල් 54 තෝරා ගැනේ.

භාරකාර මණ්ඩලය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අංගයක් වන භාර කාර මණ්ඩලය පිහිටුවනු ලබන්නේ, ද 1945 වසරේදී ය . ප්‍රඥප්ති 13 වගන්තිය යටතේ පිහිටුවා ඇති මෙම ආයතනයේ ප්‍රධාන කාර්යය වන්නේ, සාමාජික රටවල ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමය. ඒ සාමජික රටවල වාර්තා සාකච්ඡා කිරීම, දේශපාලන, ආර්ථික සමාජීය, අධ්‍යාපන ක්ෂ්‍රේත්‍ර සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට භාරකාර මණ්ඩලයට බලය තිබේ. පෙත්සම් විභාගය වැනි විශේෂ කාර්යය භාරයන් ද ඉටු කළ හැකි ය.

ජාත්‍යන්තර අධිකරණය

ජාත්‍යන්තර අධිකරණය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අධිකරණ ව්‍යුහයයි. එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මගින් ජුනි 1945 දී ස්ථාපනය කරනු ලැබූ අතර 1946 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාකාරීත්වය ඇරඹිණ. ජාත්‍යන්තර අධිකරණය පිහිටා ඇත්තේ, නෙදර්ලන්තය හේග් නුවර ය. ජාත්‍යන්තර නීතියට අනුව සාමාජික රටවල ඉදිරිපත් වන නීතිමය ආරවුල් විසඳීම මෙහි කාර්යය වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂිත ආයතන සඳහා නීතිමය උපදෙස් ලබා දීම ද මෙමගින් සිදු කෙරේ. අධිකරණය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහ ආරක්ෂක කවුන්සිලය විසින් වසර නවයක් සඳහා තේරී පත් වී සිටින විනිශ්චයකාරවරුන් 15කින් සමන්විත වේ. ඉංග්‍රීසි, ප්‍රංශ ජාත්‍යන්තර අධිකරණයේ නිල භාෂාවන් වේ.

මහ ලේකම්

සාමාජික රටවල් 193 කින් සමන්විත ලොව ප්‍රබලතම සංවිධානයේ ප්‍රධාන ප්‍රධාන පරිපාලන නිලධාරීයා වන්නේ, මහ ලේකම්වරයා ය. මහා මණ්ඩල සැසියේදී අවුරුදු 5ක නිල කාලයක් සඳහා මහලේකම්වරයා පත් කරන අතර ඊට ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය ද හිමි විය යුතු ය. මහ ලේකම්වරයා යටතේ කාර්යය මණ්ඩල සාමාජිකයින් 10,000කට අධික සංඛ්‍යාවක් සේවය කරනු ලබයි. බැන් කී මූන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමාන මහ ලේකම්වරයා ය.

සංවිධානය ආරම්භයේ සිට මේ දක්වා වන මහලේකම්වරුන්ගේ නම් ලැයිස්තුව පහතින්…

Gladwyn Jebb – 1945 ඔක්තෝබර් 24 සිට 1946 පෙබරවාරි 1 දක්වා (එක්සත් ජනපදය)

Sr._Gladwyn_Jebb

Trygve Lie – 1946 පෙබරවාරී 2 සිට 1952 නෙවැම්බර් 10 දක්වා (නෝර්වේ)‍

Trygve_Lie

Dag Hammarskjold – 1953 අප්‍රේල් 10 වන දා සිට 1961 සැප්තැබර් 18 දක්වා (ස්වීඩ්න්)

800px-Dag_Hammarskjöld

U Thant – 1961 නොවැම්බර් 30 සිට 1971 දෙසැම්බර් 31 දක්වා (බුරුමය)

80px-U-Thant_2

Kurt Waldheim – 1972 ජනවාරි සිට 1981 දෙසැම්බර් 31 දක්වා (ඔස්ට්‍රියාව)

Bundesarchiv_Bild_183-M0921-014,_Beglaubigungsschreiben_DDR-Vertreter_in_UNO_new

Javier Pérez de Cuéllar – 1982 ජනවාරි 1 සිට 1991 දෙසැම්බර් 31 දක්වා (පේරු රාජ්‍ය)

Javier_Pérez_de_Cuéllar_(1982)

Boutros Boutros-Ghali – 1992 ජනවාරි 1 සිට 1996 දෙසැම්බර් 31 දක්වා (ඊජිප්තුව)

Naelachohanboutrosghali-2

Kofi Annan – 1997 ජනවාරි 1 සිට 2006 දෙසැම්බර් 31 ද්කවා (ගානාව)

Kofi_Annan

Ban Ki-moon – බැන් කී මූන් – 2007 ජනවාරි 1 සිට… (දකුණු කොරියාව)

800px-Ban_Ki-Moon_Davos_2011_Cropped