අලි රැළක් ඉදිරියේ යතුරු පැදිකරුවෙකු මරණය පෙනි පෙනී මරණයෙන් ගැලවුණු අයුරු (VIDEO)

අලි රැළක් ඉදිරියේ යතුරු පැදිකරුවෙකු මරණය පෙනි පෙනී මරණයෙන් ගැලවුණු අයුරු (VIDEO)

කර්තෘ Staff writer

24 Oct, 2015 | 1:49 pm

තායිලන්තයේ ජාතික වනෝද්‍යානයක අලි රංචුවකට මැදි වී ජීවිතය ඉල්ලා අසරණ වූ පුද්ගලයෙකුගේ වීඩියෝවක් ඉන්ටර්නෙට් ඔස්සේ මුදා හැර තිබේ.

මෙම වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන පුද්ගලයින්ට සිය පෞද්ගලික රථ වාහනවලින් ම වනෝද්‍යානයට පිවිසීමට අවසර හිමි වේ.

ඒ හේතුවෙන් වනයේ සැරි සරමින් සිටින සතුන්ගේ නිදහස සීමා වන බව නොරහසකි.

කෙසේ වෙතත් යතුරු පැදිකරුවෙකු වන අලි රංචුවක් පසුකර යෑමට සැරසෙද්දි යතුරු පැදියේ  ශබ්දය හේතුවෙන් අලි රංචුව කෝපයට පත් වී තිබේ.

එදින යතුරු පැදිකරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් වනෝද්‍යානයට ඇතුළු වී තිබේ.

අධික ශබ්දයෙන් කෝපයට පත් වූ අලි රංචුව මෙලෙස ක්‍රියාකර ඇත.

වාසනාවකට මෙන් එම අලි රංචුව යතුරු පැදිකරුට හෝ යතුරු පැදියට කිසිදු හානියක් සිදු කර නොමැති අතර අදාළ පූද්ගලයා එම ස්ථානයෙන් ඉවතට ගොස් ඇත්තේ, කෙසේ ද යන්න සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර නොමැත.

කෙසේවෙතත් මෙම සිදුවීමෙන් පසු යතුරු පැදිවලට වනෝද්‍යානයට අතුළු වීම තහනම් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]