අලි මිනිස් ගැටුම අවම කිරීමට නිව්ස්ෆස්ට් ඇරඹූ ප්‍රජා සත්කාරක වැඩසටහනේ 3 වන අදියර හම්බෙගමුවදී (VIDEO)

අලි මිනිස් ගැටුම අවම කිරීමට නිව්ස්ෆස්ට් ඇරඹූ ප්‍රජා සත්කාරක වැඩසටහනේ 3 වන අදියර හම්බෙගමුවදී (VIDEO)

කර්තෘ Sakila Udayakumara

15 Oct, 2015 | 10:20 pm

විසඳුමක් නැති අලි මිනිස් ගැටුම් මැද අසරණ වූ මිනිසුන්ට සවියක් වන්නට නිව්ස්ෆස්ට් ඇරඹූ ප්‍රජා සත්කාරක වැඩසටහනේ තුන් වැන්න අද හම්බෙගමුව ‍ඓතිහාසික මුතුමාල රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

අලි මිනිස් ගැටුම බහුලව දක්නට ලැබෙන ප්‍රදේශයක් ලෙස හම්බෙගමුව අවට ප්‍රදේශය හඳුන්වා දිය හැකි ය.

අලුත්වැව, අරඹකෙම, හම්බෙගමුව, රතමලාගම ඇතුළු ගම්මාන රැසක මිනිසුන් වන අලි ගැටලුවෙන් පිඩාවට පත්ව සිටිති.

මහජනතාව මෙන් ම වන සතුන් ද විඳින පීඩා අවම කිරීමේ අරමුණින් නිව්ස්ෆස්ට් හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන ගම්මුන් දැනුවත් කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහන අද පස්වරුවේදී ආරම්භ වුණේ ඒ අනුව ය.

එම අවස්ථාවට මහා සංඝරත්නය, උඩවලව වනජීවී කාර්යාල නිලධාරීන් හා ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් ඇතුළුව ගම්වාසීහු ද ඒකව සිටියහ.

එම වැඩසටහනේ තව ත් විශේෂත්වයක් වන්නේ, එක් එක් ගම්මානවලින් ප්‍රජා මූලිකයින් තෝරා ගෙන වනජීවී නිලධාරීන් හා සම්බන්ධීකරණය සඳහා යොමු කිරීම ය.

ඒ අනුව රැස්වීමට සහභාගී වී සිටි ගම්වැසියන් අතරින් දැනුවත් කිරීම් කමිටු පත් කිරීමට ද එහිදී පියවර ගැනිණි.

 

අලි මිනිස් ගැටුම අවම කිරීමට නිව්ස්ෆස්ට් ඇරඹූ ප්‍රජා සත්කාරක වැඩසටහනේ 3 වන අදියර හම්බෙගමුවදීRead story: http://goo.gl/DHh9fT

Posted by Newsfirst.lk on Thursday, October 15, 2015

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]