සුපිරි ටෙස්ට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් දිවයිනට

සුපිරි ටෙස්ට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් දිවයිනට

සුපිරි ටෙස්ට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් දිවයිනට

කර්තෘ Staff writer

12 Oct, 2015 | 10:00 pm

සුපිරි ටෙස්ට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් හා මුත්තයියා මුරලිදරන් අද කොළඹදී ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගී වූහ.

ඒ, මෙරට දරුවන්ගේ සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීම හා සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීමේ වැදගත් කම පෙන්වා දීම සඳහා ය.

දරු දැරියන් අතර සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් යුනිසෙෆ් ආයතනයේ මෙහෙයවීමෙන් ලොව වටා පැවැත්වෙන වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන මෙරදීත් පැවැත්විණ.

එහි වැදගත්කම මෙරට පාසල් අතර ව්‍යාප්ත කිරීමට යුනිසෙෆ් ආයතනයේ කලාපීය සුහද තානාපතිවරයා ලෙස මීට සහභාගිවූ සචින් තෙන්ඩුල්කාර්, සමග හිටපු ටෙස්ට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ද එක්වීම විශේෂත්වයකි.

මෙම වැඩසටහනෙන් පසු සචින් තෙන්ඩුල්කාර්, ස්පෝර්ට්ස් ෆස්ට් හී සුල්ෆික් ෆර්සාන් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්, මෙම වැඩසටහනට සම්බන්ධ වීමට හේතුව පැහැදිලි කළේ ය.

සචින් තෙන්ඩුල්කාර් –  යුනිසෙෆ් ආයතනයේ මාගේ කාර්යභාරය ලෙස මා විශ්වාස කරන්නේ, මාගේ දෙමව්පියන් මට කුඩාකල ලබා දුන් අවවාද නැවත අවධාරණය කිරීම. සනීපාරක්ෂාව ගැන අවධානය යොමුකිරීම හා ඔබේ අත් සේදීමේ වැදගත් කම. පාචනයට අදාළ රෝග කාරක විශාල ප්‍රමාණයක් ව්‍යාප්ත වී තිබෙනවා. අනෙක් සියලුදේ මෙන් අපගේ සෞඛ්‍ය ගැනත් අප සිතන්නේ සුළු වෙන්නේ. මෙය එක් ආකාරයක තරගයක්, අප සියලු දෙනා මෙම තරගයට එක් වී මෙම රෝගකාරක පරාජය කළහොත් එය විශාල ජයග්‍රහණයක්. පාචනයෙන් දරු දැරියන් 1600 කට ආසන්න පිරිසක් මියයෑම ඉතා ශෝකජනකයි. මෙය වැලැක්විය යුතුයි.

ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙකු වනු ඇති බව ඔබ කුඩා කල සිතුවාද ?

සචින් තෙන්ඩුල්කාර් –    මාගේ සිහිනය ආරම්භ වුනේ, ඉන්දිය කණ්ඩායම 1983 වසරේදී ලෝක කුසලානය ජයගැනීමෙන් පසුවයි. මම මගේ සිහිනය හඹා ගියා. මට අවශ්‍ය වුනේ කෙදිනක හෝ එම කුසලානය ලබා ගැනීම. මම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ කලා. ඉතා උනන්දුවෙන් ක්‍රීඩාකලා. මට වෙනත් කිසිවක් අවශ්‍ය වුනේ නැහැ. මට ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩකිරීමට අවශ්‍ය වුණා. සිහිනයක් තිබිය යුතුයි, එය හඹා යායුතුයි. සිහින සැබෑවනවා. ඔබ ඒ සඳහා විශාල කැපවීමක් සිදු කළ යුතුයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]